Just One Day Pt 2 🍂

Start from the beginning
                                    

එදා ඉදන් අවුරුද්දක් යනකම් ජින් ලංඩන් වල ගෙව්වේ පාලූ ජීවිතයක්.. බිස්නස් වැඩ වලට අමතරව කන බොන එක ඇරෙන්න ඉඩ ලැබෙන හැම වෙලේම ජින් බොන්න පුරුදු වුනා. තමන්වත් නොදන්න තමන්ගේ හිත වේදන දෙන හැගීම ජින්ට මානසික වදයක් වුනා.

" ආයිෂ්... කවුද ඒ කෙල්ල.. නම මතක් වෙන්නෙත් නැහෑ.... "

හොදටම වෙරි වෙලා හිටිය ජින් කිව්වේ අත් දෙකෙන්ම ඔලුව බදන් බිම ඉදගන්න ගමන්... සීතල පොළවේ බෙඩ් එක ලග බිම වැටිලා හිටිය ජින් තමන්ට මතක් වෙන කෙනාව මතක් කරන්න උත්සහා කලත් බොද වෙලා පෙනුන ඒ රැය ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔලුවට ආවේ නැහෑ.....
.
.
.
.

" හාරූ.....
.
.
.

ඔව් එයා හාරූ... මට කොහොමද අමතක වුනේ... ආෂ්ෂ් මගේ ඔලුව... 😣"

පහුවදා දැනුන තද ඔලුවේ කැක්කුම නිසා ජින් ටික වෙලාවක් බිම ඉදගෙන කල්පනා කලේ මෙච්චර කල් අමතක වුන ඒ මූණ ආයෙමත් මතක් කරන ගමන්.. ජින්ට හැමදේම මතකයි.. කාලෙත් එක්ක අමතක වෙලා ගිය මතක දැන් හැමදෙයක්ම ජින්ට මතකයි... ඒත් තමන් ඉන්නේ දැන් හුගක් දුරින්.. ගතින් වගේම හිතිනුත් ...

කොල්ලා හිතුවේ මේ වෙනකොට හාරූට තමන්ව අමතක වෙලත් ඇති කියලයි.. මොකද අවුරුද්දක් කියන්නේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන් කාල සීමාවක්...

ඒත් ජින් දැනන් හිටියනම්...එහෙම වුනේ තමන්ට විතරයි කියලා....

ජින් ටික වෙලාවක් ඉදලා බෙඩ් එකටත් වාරුදීගෙන නැගිටලා ටව්ල් එකත් අරන් වොශෲම් එකට යන්න හැදුවේ ඇගට දැනුන තෙහෙට්ටු ගතිය නැති වෙන්න හිතන් හොදට නා ගන්න හිතන්.. ඒත් ජින්ට ඒකට ඉඩ නොලැබුනේ එක පාරට රූම් එකට නම්ජූන් ආව නිසයි...

" ජිනා.. අපි දැන්ම කොරියා යන්න ඕනේ.. උඹලගේ අප්පා මේ දැන්ම එන්න කිව්වා.."

" ඒත් ඇයි.?"

" දන් නෑ යකෝ...1ට ෆලයිට් එක ..තව පැයක් තියේ.. ලැස්ති වෙයන් ඉක්මනට..."

ජින්ව වොශෲම් එක දිහාවට තල්ලු කරලා නම්ජූන් ජින්ගේ බෑග් එක රෙඩි කරන්න පටන් ගත්තා...

පැය කිහිපයක ගමනකට පස්සේ ජින් වගේම නම්ජූනූත් ආපහු කොරියාවට ආවේ අමුතුම සතුටකින් වුනත් ජින්ගේ හිතට ලොකු කලබල ගතියක් දෑනුනේ ඉන්චොන් එයාර්පෝර්ට් එකෙන් එළියට එද්දියි...

JUST ONE DAY 🍂  || KSJ || SHORT FF ( Completed ) Where stories live. Discover now