the last kiss❤️

Start from the beginning
                                    

මිසිස් ජෝන්ට කෑ ගහන්න අඩන්න ඕනි උනත් මිසිස් ජෝන්ගෙ කටින් වචනයක්වත් පිට නොවුනෙ නම්ජූන්ට තිබ්බ බය නිසාමයි...

නම්ජූන් ඒ මැරුනු කෙනාගෙ මිනිය විසි කරේ ගැබුරු ගගකට... මිනිය ලොකුම ලොකු කලු පොලිතීන් උරයක දාපු නම්ජූන් මිනියෙ විශාල ගලකට සම්බන්ද වෙන්න කබේකින් ගැට ගහන්න පාවිච්චි කරේ , මිනිස්සු සාමාන්‍යෙන් බෙල්ලෙ වැල දාගන්නකොට දා ගන්න ගැටයක්මයි.. ගලේ බරට මිනිය යට යනවා වගේම ඒක වතුරෙ උඩට එන්න උත්සහ කරනකොට වගේම, මිනිය දිරන්න දිරන්න එකෙ වටප්‍රමානෙ අඩු වුනත් ඒ ගැටේ එන්න එන්න තද වෙනවා.. ඉතින් ඒ මිනිය කවදාවත් වතුරෙ උඩකට එන්නෑ.....

****************

මිසිස් ජෝන්ගෙ අතුරුදහන් වීමත් එක්ක මුලු සෝල්මට තිබ්බෙ ටිකක් කැලබිලා.. ඒ වගේම  හදිසියෙ සෝල් වල තැන් තැන් වල ඩස්බින් වලින් හම්බුන අත්බූත ගෑනු කෙනාගෙ සිද්දියත් මුලු සෝල් වලටම සති ගානක් කතා කරන්න මතෘකාවක් වුනා...

   මේ කිසිම දේක ඇගිලි සලකුනක්වත් , DNA සාම්පලයක්වත් , අඩුම තරමෙ කෙස් ගහක්වත් හොයා ගන්න නැති තරම්.. අඩුම තරමෙ cctv දර්ශනයක්වත් හොයා ගන්න සෝල් පොලිසියට පුලුවන් උනේ නැහැ.. නම්ජූන්  මේ සේරම කරේ cctv නැති තැන් බලලා හොදටම plan කරලා...

  සොල් වලට මාරුවක්  හම්බවෙලා ඇවිත් වැඩ බාර අරගෙන තවම මාසයක්වත් හරි හැටි ගත නොවී විසදන්න බැරි මහා වසංගතයක් කර උඩට වැටුනු නිසා සෝල් අපරාද විමර්ශන ඒකකයෙ උප පොලිස් පරීක්ශ සියොක් ජින් හිටියෙ නම් පුපුරන්න ඔන්න මෙන්න... 

  දවස් දෙකක් ගත වෙලත් ගෑනු කෙනාගෙ මිනියෙ සම්පූර්ණ කොටස් ටිකවත් හොයා ගන්න පොලිසියට බැරි වෙද්දි  පත්තර කාරයොයි, ටීවි චැනල් කාරයොයි විකාර ප්‍රශ්න අහලා පොලිසිය බාල්දු කරද්දි  සියොක් ජින්  හිටියෙ පුදුම ඉවසිමකින්.. තමන්ගෙ සේවා කාලෙ පුරාම ජින් විසදපු නැති පරාද උන එක නඩුවක් තිබුනෙ නැහැ.. ඒක නිසා මෙ නඩුව විසදගන්න බැරි වීම ජින්ගෙ පට්ටමට ලැජ්ජාවක් උනා...

මිසිස් ජෝන් අතුරුදහන් උන දවසෙ ඉදලා ඉදලා තමන්ගෙ  මුලු  group  එකම මරවන්න වැඩ කරවලා ජින්ට යන්තන් cctv දර්ශනත් එක්කම මිසිස් ජෝන්ගෙ  4න් එක හොයාගන්න පුලුවන් උනෙ club එකෙ වැටිලා තියෙද්දි.... එකෙත් මිසිස් ජෝන්ගෙ ඇගිලි සලකුනු ඇරෙන්න වෙන කිසි කෙනෙකුගෙ ඇගිලි සලකුනු තිබුන්නැ.. ඒත් මිසිස් ජෝන්ගෙ සංවාද වල අන්තිම පනිවුඩය ගිහින් තිබ්බෙ ""මිස්ට නම්ජූන් "" කියලා කෙනෙක්ගෙ දුරකතනයකට....

seven notesWhere stories live. Discover now