Part -04
ඇගිලි සලකුනු නැතිවෙන්න නම්ජුන් මුලු බොඩි එකම ලිකර් දාලා හේදුවා...ඊට පස්සෙ body එකෙ parts වෙන වෙනම වෙන් කලා.. අත් වෙනම කකුල් වෙනම.ඔලුව වෙනම..ඒවා වෙන වෙනම කලු පොලිතීන් බෑග් වලට ඇහිරුවා... නම්ජූන්ගෙ මුලු ඇගම , මුලු ශාලාවම ලේ වලින් වැහිලා ගිහිල්ලා... ලේ ගද උහුලන්නබැරි තරම්....මෙ දේවල් මිසිස් ජෝන් දැක්කෙ අවසිහියෙන් වගෙ... මිසිස් ජෝන්ට සිහිය නැතිව දොර ලගම ඇදගෙන වැටුනා..
නම්ජූන් පරිස්සමට ඒවා සෝල් වල තැන් තැන් වල ඩස්බින් වලට ගිහිං දැම්මා...body එකෙ ඔක්කොම part හොයාගන්න පොලිසියට අඩුමතරමෙ සතියක්වත් ගතවෙයි...නම්ජූන්ගෙ හැම වැඩක්ම ඒ තරම්ම සැලසුම් සහගත වුනා....
මිසිස් ජෝන්ට ආපහු සිහිය ලැබෙනකොට පැය ගානක් ගත වෙලා ගිහින් තිබුනා..නම්ජූන් මුලු ශාලාවම සලකුනක් නැති වෙන්න හෝදලා අස් කරලා තිබුනා...සමහරවිට දැන් උදේ කාලෙත් වෙන්න ඇති.. ශාලාව ඇතුලෙ තිබ්බ ලා එලිය ඇරෙන්න දවසෙ වෙලාවක් ගතවෙන පැය ගානක් හිතා ගන්න මිසිස් ජෝන්ට බැරිවුනා..
.මිසිස් ජෝන් ඇස් අරිද්දි දැකපු දර්ශනෙ මිසිස් ජෝන්ව තවත් අසරන කරා......මිසිස් ජෝන්ට තවදුරට කෙලින් හිට ගන්න ශක්තියක් තිබුනෙ නැහැ...එයාගෙ කාමරේට ඉදිරියෙන් තිබුනු කාමරෙ හිටිය ගෑනු ලමයා ...................
එයා බෙල්ලෙ වැල දාගෙන... ඒ පොඩි කාමරෙ කෙනෙක්ට එල්ලෙන්න තරම් උසක්වත්, වහලක්වත් තිබුනෙ නැහැ.... කෙල්ල දොරේ තිබ්බ යකඩ කූරු වල යන්තමින් ගැට ගහ ගත්තු ඇද ඇතිරිල්ලෙන් බෙල්ලෙ වැල දාගෙන තිබුනා...
මිසිස් ජෝන්ට විනාඩි ගානනක් යනකන් ඒ දිහා බලං හිටියෙ දැඩි කම්පනේකින්...පැය ගනනකට කලින් දැකපු බිහිසුනු දර්ශනේත් , මේ දර්ශනේත් තිබ්බෙ මිසිස් ජෝන්ට දරා ගන්න පුලුවන් තරම් මට්ටමක නෙවෙයි...
විනාඩි ගානකට පස්සෙ පියවි සිහියට ආපු මිසිස් ජෝන් නම්ජූන්ගෙ නම කියලා කෑ ගැහුවා..ඇඩුවා..ඒත් නම්ජූන් ආවෙ නෑ....
මිසිස් ජෝන්ට මුලු දවසක්ම මලමිනියක් එක්ක තනියම අදුරු ශාලාවක ඉන්න උනා...
සීතල පොලව උඩම වකුටු වෙලා හිටපු මිසිස් ජෝන් අවදි වුනේ නම්ජූන් එයාට ඉස්සරහා කාමරේ දොර අරින සද්දෙට වගෙ... නම්ජූන් මිසිස් ජෝන් දිහාවත් නොබලා කෙල්ලගෙ මිනිය ශාලාවෙ බිම දිගේ ඇදගෙන යන්න ගියා...
YOU ARE READING
seven notes
Fanfiction🤗🤗🤗 short story හතක්..🙄🙄❤️love story 😅😅😅🙄🙄sad ending ඒවත් තියෙ..🤪🤪🤪