💙 Chapter 22 💙

Start from the beginning
                                    

කෝ මේ මනුස්සයා...😑 මොන තුන් දේවාලෙක ගියාද මන්දා මේ මහ රෑ... අහ් මේ තියෙන්නෙ බඩුව. 🙂 යතුරු රාජයාව තියලා ගිහින්..licen එක නම් තියේ....මොකද කියන්නෙ Neha ඔන්න ඔහේ යමු ද ? මම එහෙම හිතන ගමන් car එකට නැගලා start කරගෙන යන්න පටන් ගත්තා.හුටා party එක තිබ්බ building එක ගාව කිව්වට මට දිවැස් තියෙන එකක් යැ කොහෙද party එක තිබ්බෙ කියන්න මොකෝ කරන්නෙ ඔන්න ඔහේ ඉස්සරහට ගිහින් බලමු. අහ් ඔය ඉන්න ................🙂 මම යනගමන් දැකපු building එකක් ගාව Raveesh වැනි වැනි හිටියා . එකපාට්ට එයා වැටෙන්න ගිය නිසා දුවලා ගිහින් එයාව අල්ලගෙන අමාරුවෙන් car එකට දාගත්තා . ඊටපස්සෙ මාත් ගිහින් වාහනේ start කරලා Raveesh ගෙ ගේ පැත්තට යන්න පටන් ගත්තා.

" Raveesh are you okay " මම යනගමන් එයාගෙන් එහෙම ඇහුවත් එයා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ සින්දුවක් කියන්න පටන් ගත්තා.

වයි දිස් කොලවරි කොලවරි කොලවරි හේ
වයි දිස් කොලවරි කොලවරි කොලවරි හේ 🎵🎵🎵🎵🎵🎵

අඩෝ ජෝතිපාල කිව්වනම් මීටවඩා ලස්සනට කියනවා. චික් ඔය සින්දුව කියපු මිනිහා ඒම මේ car එකේ හිටියනම් හිතේ අමාරුවට වහ බීලා නවතින්නෙ. 😕ටික වෙලාවකින් Raveesh ගෙ ගේ ගාවට ආවා.

ගෙදරට නම් ආවා වැඩේ කියන්නෙ අම්මලා තාත්තලා ගෙදර ඇතිනෙ මන් කොහොම ද මෙයාව එක්කන් යන්නෙ 😐 ?

" මේ මගෙ room එකේ ජනේලෙ ඇරලා " Raveesh නිකන් එයාට මම කිව්ව එක තේරුනා වගේ වැනි වැනිම කිව්වා.

" දැන් කියන්නෙ ඔයාවත් අර ගෙන මට ජනේලෙන් පනින්න කියලද ? ඒක හරි යන්නෙ නෑ අප්පා " මම එහෙම කියලා Raveesh ගෙ අත මගෙ කරට දාගෙන ගෙදර door එක හෙමින් අරින්න try කලා. ඔය ඇරුනෙ යස අගේට වෙලාවට lock කරලා නෑ. 🥲 lights නම් ගෙදර off කරලා තිබ්බෙ. කට්ටියම නිදි ඇති. අනේ දෙය්යනේ servant කෙනෙක් වත් ඇහැරලා ඉදී ද දන්නෙ නෑ. 😐 මම එහෙම හිත හිත අමාරුවෙන් අරයවත් අරන් ගේ ඇතුලට ගියා . අනේ Raveesh please room එකට යනකම් ඔය ශ්‍රී මුඛයනම් අරින්න එපා.මම එහෙම හිත හිත යද්දිම මේකා ආයෙත්

" කොලවරි කොලවරි " ගෑවා. මම ඉක්මනින් කටින් අත වැහුව නිසා බේරුනා . 🥲 කොහොමහරි මම Raveesh ගෙ room එකට ගිහින් ligh එක දාලා දොර වැහුවෙ මොකෙක් හරි ආවොත් කියන බයට. මම බොහොම අමාරුවෙන් Raveesh ව ඇදෙන් තියන්න හැදුවා විතරයි Raveesh එක්කම මාවත් ඇදට වැටුනා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now