03- නුඹ මට හිමි නැත 🦋

Start from the beginning
                                    

" ඇත්තටම මට අරුන් සර්ට ආදරේ කරන්න බැරිද.. මම එයාට මගේ ලගට එන්න කියන්නේ නෑනේ.. ඉතින් අපි ආදරේ විදින එක වැරදිද...? මම මගේ හිතෙන් කෑ ගහලා ඇහුවා..

ඒත් එක්කම මගේ උරහිසේ උණුසුම් ස්පර්ශයක් දැනුනම මම කඳුළුවත් පිහිදා නොගෙන ඒ පැත්ත හැරුණා...

"අහ්... අරුන් සර් .. ඔයා...
එයා මගේ ලගින් බිමින් වාඩි වුනා...

එයා මගේ ලගින් බිමින් වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේවගේ නෙවේ ඇදුම් හා ද.. මේ වගේ ලගින් එයාලා වාඩි උනා )

" ඇයි මේ කඳුළු කෙයාන්..?" එයා මගේ කම්මුලකට අත තියලා හිමීට කඳුළු පිහිදලා දැම්මා...
දැන් ටිකක් කළුවර වැටිලා තිබුණු නිසා වටේ කට්ටිය ටික ටික අඩුවෙලා...
රැ වෙද්දී රල පහර වෙරල මෙහාට එන ප්‍රමාණය වැඩි වෙනවා..
ඒ නිසා වැඩිය කට්ටිය රෑට රැදෙන්නෙ නෑ

" කියන්න කෙයාන් ඇයි මේ...???

" ස...සර් ඇයි ගියේ නැද්ද...??"
මම කැඩුණු හඩින් ඇහුවා...

" ඔයා මාව ප්‍රතික්ෂේප කරාට පස්සේ මම කොහොමද කෙයාන් හිත හොදින් ගමනක් යන්නේ... අනික මම දන්නවා ඔයා මාව ප්‍රතික්ෂේප කලේ ගෙදර නිසා කියලා..

ඔයා දන්නේ නෑ කෙයාන් මගේ හිත... මම දන්නවා මම වැරදී.. මම බැදලා , මට දරුවො දෙන්නෙක් ඉන්නවා..
ඒත් කෙයාන් මාත් මනුස්සයෙක්..

" ඉතින් සර් මට මොකක්ද කරන්න කියන්නේ...???"

"කෙයාන් විදවනවට මම ආස නෑ කෙයාන්.. අනික අපි දෙන්නට දෙන්නා ආදරෙයි නම් ඇයි මෙහෙම අසම්මතයි කියලා විදවන්නේ කෙයාන්..
ඇයි අපිට කාටවත් හානියක් නොවෙන්න ආදරේ කරන්න බැරි...
මම පොරොන්දු වෙනවා. මට පුළුවන් විදියට මම ඔයාව බලාගන්නවා..
ඒත් ඔයා දන්නවනේ කෙයාන් මට ෆැමලි එක අතාරින්න බෑ කියලා...
එයාලට මම වෙනස්කමක් කරන්නේ නෑ..."

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now