Never ending love

85 22 17
                                    

-"එයා නැති වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"එයා නැති වුණා. එයාව මෙහෙට ගේද්දිත් එයා මේ ලෝකෙ දාලා ගිහින්."

රෝහල් කාමරය අසළ හුන් කාන්තාවකගේ විලාප හඬ රෝහල පුරා පැතිර ගියේ ඇසෙන්නෙකුට පවා ශෝකයක් උපදින තරමට.

එම රෝහල් කාමරයෙන් පිටතට පැමිණි රෝහල් සේවකයන් දෙදෙනෙක් සුදු රෙද්දකින් වසා ට්‍රොලියක් මත තබා ගත් නිසල සිරුර එතැනින් රැගෙන යද්දී එම කාන්තාව සීතල පොළව මත ගුලි වී දණ හිස් අතර මුහුණ හොවා ගත්තා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊට එහා පසින් තිබුණු රෝහල් කාමරය තුළ සිටි අයෙක් සුව නින්දක පසු වුණා.

සුන්දර සිහින දකිමින් ඔහු කලකට පසු සුව නින්දක් ලැබුවා.

සැබැවින්ම පැවසුවොත් ඔහු පෙරදී අත් විඳි සොඳුරු මතකයන් සුන්දර සිහින ලෙස මෙසේ යලිත් දුටුවා.

ඔබ සිතූ සේ ම දෙවෙනි වතාවටත් මරණයෙන් ගැලවුණු හීසන්ග් එලෙස ගැඹුරු නින්දක් තුළ ගිලී උන්නා.

කාමරයේ දොරින් ඇතුළට පැමිණි යූහි නිසොල්මනේ සුව නින්දක සිටින හීසන්ග් දෙස බලා හිඳීමට මොහොතක් වැය කළා.

කුටියේ වීදුරු ජනේලයෙන් පෙරී ඇතුළට එන රන්වන් හිරු කිරණ ඔහුගේ මුහුණ සිප ගන්නා අයුරු ඈ බලා සිටියේ ප්‍රේමයත්,ශෝකයත් මුසු වුණු හැඟීමකින්.

එය ඇයට බලා හිඳීමට කෙතරම් සුන්දර දසුනක් වුව ද හිරු කිරණ නිසා හෙමි හෙමින් අවදි වන්නට තනන හීසන්ග්ව ඇය දුටුවා.

නින්දෙන් අඩක් අහිමි වුණු කුඩා දරුවෙකු මෙන් මුහුණ ඇඹුල් කරමින් දෑස් හැරෙන්නට යන හීසන්ගේ රුව යූහිගේ මුවට සිනහවක් එක් කළා.

Love Again [Completed]Where stories live. Discover now