8 කොටස

287 85 32
                                    


ගෙජ්ජි හඩ නිසල කුටියේ පවුරු අතර දෝකාර දෙන හඩට සවන් යොමා සිටි සුනර්ඝ කුමරුන් ගෙජ්ජි හඩ නැවතුන පසු දෑස් වසා හුස්මක් ගෙන සංගීතය නම් දැහැනට සම වැදිණී.


තාලයට වීණාවෙ තත් අතර දෝලනය වන ඇගිලි තුඩු මතින් කම්පිතව වීණාවේ ස්වර රටා මැවූහ.


වෛශ්‍ය අංගනයේ සැගව ගිය කුඩා කුටිය මියුරු වාදයෙන් පිරී  යද්දි පබරූද ඒ හඩට අවනතව නර්ථනය ඇරඹීය.


දෑස් වසා ගෙන වෙණ නදට සමවැදුනු  පබරූගේ සිත පෙර නොවූ විරූ ලෙස සන්සුන් විය.
ඒ තාලය ගතේ කේෂ මූලයේ සිට පාදාන්තය දක්වා ආරූඪ කරගත් සෙයකින්  පබරුගේ ගත චාලනය විය.


දුහුල් සළු අතරින් ලාලිත්‍ය අංගනයේ යෙදෙනා  ශරීරාංග සියල්ලක්ම එක්ව මවනා රටාවන් දෙස සුනර්ඝ කුමරුන් වාදනයේ යෙදෙන අතරම දෑස් හෙලීය.


තවමත් පබරූගේ දෑස් අඩවන්ව ඇත . ඒ දෑසෙහි චමත්කාර බැල්ම නර්තනය තවද අලංකෘත කරන බව කුමරුන් සිතීය.


වීණාවෙ තත් කම්පනය වන හඩට ලෙලෙන පබරුගේ පුළුලුකුල දෙස කුමරුන්ගේ දෑස් නිර්ලජ්ජිතව ගමන් කලේ ඔහුගේ සෑම චලනයක්ම විදීමට අවශ්‍ය වූ නිසාවෙනි.


කුමරුන් මදින් මද වීණාවෙ ස්වර ඝට්‍ටන වෙනස් කර වඩා තීව්‍ර තාලයකට එළැඹෙන විට පබරුගේ දෙපා මෙන්ම සර්වාංගයන්ම අනිච්ඡානුගතවම තාණ්ඩව නර්ථන ස්වරූපයක් දැරීය.


වේගවත් අඩි තාල තබමින් යෙදෙනා මනරම් රංගනයේ ශෘංගාරය ඔප දමමින් පබරුගේ ලෝහිත  පැහැ දුහුල් උඩු සළුව මන්ඩපයේ ධරණී සිප ගත්තෙ ඔහුගේ දහදියෙන් තෙත් වූ උඩුකය නිරුවත් කරමිනි.


පහන් එලියෙන් දිදුලන පබරුගේ උඩු කයත් දහදියෙන් තෙත්ව යටි කයට ඇලුණු  සළුවත් සුනර්ඝ කුමරුවන්ගේ ඉවසීමේ වැට කඩුලු සීමා බිද හමාරය .


ඔහුගේ ගත පබරුගේ සුව පහස ඉල්ලා හඩා වැටෙද්දි ඔහු තම දෑගිලි කඩිනමින් වීණාවෙ සප්ත තත් අතර දිව වූයේය.


ක්‍රමයෙන් වේගවත් වූ වෙණ නද මෙන්ම නර්ථනයද  අවසන් කරමින් කුමරුන් වීනාවෙ තත් මත දෑත තබමින් එය නිහඩ කරවීය .


පබරූ නර්ථනය අවසන් කර මන්ඩපය මත කඩා වැටෙනුද වේගයෙන් උස් පහත් වන පබරූගේ පපුවද කෙතරම් විඩාවක් වුවද සිනහවකින් සැරසී ඇති මුවද සුනර්ඝ හට දිස්විය.


නර්තනය ද වෙණ නදද ඔහුගේ අනුදැනුමින් සිදු වූද ඔහුහෝ නොදැන කුමරුන් ක්ෂීර සයුරක අනිච්ඡානුගත රැල්ලකින් නැහැව ගොස් තිබිණ .

.

.

.

.

.

.

හායි හායි

මට දාඩියකුත් දැම්මා මේක ගලප ගන්න ගිහිම්..

ඊළග එක ලියන්න ගියාම තමා තනි ඇහැට ඇඩෙන්නෙ ...

කමක් නෑ .. නිකම් කියෝලා යන එකේ  අදහස කියාගෙන යන්න ..

Angel.

වෙණ නද [ Historical ] °CoMpLeTeD°Dove le storie prendono vita. Scoprilo ora