2 කොටස

352 88 38
                                    


වෙනදා මෙන් නොව අද  කුටිය නිසලය.වෙනත් දිනක වු නම් ඔහු දැනටමත් යහනේ අපරිමිත වේදනාවක් විඳිමින් කුවීර නගරයේ රදළයන්ගේ ආශාවන් සන්සිඳුවමින් විය හැක.

" කිමද මේ වෙනසක් ? ..."

ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය.
වසර එකලොසකට පසු දිනක ඔහු පුරුෂයකුට යටත්ව වේදනා විඳිමින් නොසිටී...
නමුදු කෙසේද? .

ඔහු සිතීම අත් හැර මේ මොහොතකට හෝ ලැබුණ නිදහස විදීමට විය.
එනමුදු මේ නිහඩ තාවයෙන් පසු චණ්ඩ මාරුතයක් ඒ දෝයි ඔහුට බියක් විය.

සුපුරුදු ලෙස හිරිවැටී ඇති දෙපා , වේදනා දෙන යටි කය සිතේ ශක්තියට වහල් කරගත් ඔහු යහනෙන් නැගී සිටියේය.

ඔහු කුටියේ සයනය වටා තිබූ තම වස්ත්‍ර ඇගලා ගෙන නැවත අපිළිවෙල සයනය හා කුටිය පිරිසිදු කරන්නට විය.

කළුවර ලීයෙන් තනා තිබු  රැදවුම මත වූ රන් ගෙල පළදනාවක්  ඔහුගේ නෙත ගැටිණ.
ඔහුගේ මුව උපහාසාත්මක සිනහවක් විය.
එය හුදෙක් එක් තුටු පඩුරකි. ඔහු හා ගෙවු රාත්‍රිය වෙනුවෙන් සුවර්ණට සිදුකළ ගෙවිමට අමතර තුටු පඩුරු ඔහුට අහඹුවක් නොවීය.

නමුත් මේවා කුමටද ?...
සිර කුටියක මෙන් දිවි ගෙවනා ඔහුට රනභරණෙන් ඇති ඵල කිම...?
නොමැති වුවත් බිදී ගිය මණි මේඛලාවකට රනින් පියවිය හැකිද ?...

සුපුරුදු ලෙසම ඒ කුටියේ සිටිනා එකම තැනැත්තා වන තමාගෙන් ඔහු පැන නැගීය.
නමුදු පිළිතුරු දීමට අයෙකු නැත.

.

.

.

.

.

.

.

හී... හී...

කමෙන්ට් කරන්න.

කතාව කොහොමද කියන්න ...

මට නිදිමතයි...මන් ගියා..

Angel.

වෙණ නද [ Historical ] °CoMpLeTeD°Where stories live. Discover now