the last kiss.❤️

Começar do início
                                    

"""" ඉන්න.. තව පොඩ්ඩකින් කෑම  හරි""

"" ඔයා සුවදයි""
 
නම්ජූන් කෙල්ලව ඉස්සරහට ඇදලා අරගෙන කෙල්ලෙගෙ ඉන දෙපැත්තෙන් අත අරන් ආපහු උයන්න පටන් ගත්තා...කෙල්ල  හිටියෙ නම්ජූන්ගෙ ලොකු ටීශර්ට් එකක් ඇදගෙන..කෙල්ල හරියටම නම්ජූන්ගෙ  පපුවෙ ගානට යන්තන් උස.. කෙල්ල නම්ජූන්ට තුරුල් වෙලා නම්ජූන්ගෙ , කෑම හදන වැඩේට ෆුල් අවදානෙ දීලා තිබ්බ මූන දිහා බලන් හිටියා..

""කොන්ඩෙ පිහි දැම්මෙ නැද්ද"" කෙල්ලගෙ බාගෙට පිහි දාලා තිබ්බ කොන්ඩෙ බේරුන වතුර නිසා නම්ජූන්ගෙ ටීශර්ට් එක තෙත් වෙලා.. බිමත් වතුර ...

"" පිහිදැම්මා අනේ""  බාගෙට තියා කෙල්ල කොහොමවත්ම කොන්ඩෙ පිහිදාලා නෑ...

"" කෝ.. එන්න පිහිදාන්න""  කෑම හදලා ඉවර කරලා නම්ජූන් කෙල්ලව ඇදන් ගිහින් උකුලෙන් වාඩි කරගත්තා... ටවල් එකෙන් තෙත මාත්තු කරාට පස්සෙ ඩ්‍රයි එක අරන් කොන්ඩෙ වේලුවා...

"" ඔක්කොම මට කියලා කරගන්න ඕනි කමට හොර පූසී වගෙ ඉන්නව නෙහ්"" නම්ජූ න් හෙමීට කෙල්ලගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි හෙමීට යවන ගමන් ඩ්‍රයි එක ඇල්ලුවා...

"" ඉතිං මන් කිවුවෙ නෑනෙ මගෙ ජූනීට මේවා කරන්න කියලා"" කෙල්ල හුරතලේට කට උල්  කර කර කියෙවුවා..

නම්ජූන්‍ට හිනහයි..නම්ජූන් මේ හැමදේම කරන්නෙ කැමැත්තෙන්.. කෙල්ල ඕනාවටත් වඩා හුරතල් වුනේ ඒකයි.. නම්ජූනූත් කෙල්ලව ඕනවට වඩා හුරතල් කරනවද මන්දා...

කෑම කාලා කෙල්ලව ගෙදරට ඇරලලා යන ගමන්  company  එකට යන්න නම්ජූන් ලෑස්ති වුනා..

ගෙදරින් එලියට බහින්න ලෑස්තිවෙනකොට කෙල්ල දොර ඉස්සරහ හිටගත්තා.. තොල් වලට ඇගිල්ලක් තියලා පෙන්නලා කටත් උල් කරගෙන ඇස් දෙකත් පියාගෙන ඉස්සුනෙ නම්ජූන්ගෙන් හාදුවක් ඉල්ල ගන්න  කියලා හිතාගෙන...

"" දැන් බෑ"" නම්ජූන් කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලලා ඉස්සරහට හරවලා දොර ඇරගෙන ගිහින් කාර් එකෙන් වාඩි වුනා..

""" යා.. යා.. සල්ලි නෙවෙනෙ .. ඉල්ලුවෙ.. අගේ කරන්නෙ.. "" කෙල්ල යන ගමනුත් කෑ ගහනවා...

"" ආපහු ආපු දවසට දෙන්නම්"""

"" ආපහු කවද හම්බෙයිද දන්නැ... වෙන කාගෙන් හරි ඉල්ල ගන්න කියලද... මොනවත් නෙවෙ 😭 තියන නපුරුකම""

seven notesOnde histórias criam vida. Descubra agora