මේ ඉන්නේ Kim Sunoo.. එයාට වයස 17යි. කොරියන් වයස 18 යි. Seoul Keen උසස් පාසලේ දෙවෙනි වසරෙ සිසුවෙක්.. මෙයා ඉස්කෝලෙ ප්‍රසිද්ධ එයා හැම දේකටම දක්ෂ නිසා. නටන්න, සිංදු කියන්න, බාස්කට් බෝල් ගහන්න, පීනන්න, දුවන්න, ඉගෙනගන්න වගේ දේවල් සහ තව ගොඩක් දේවල් එයාට පුළුවන්. දවසකට ගෑණු ළමයි අඩුම තරමෙ 5 දෙනෙක්වත් එයාට තෑග්ගක් නොදී ඉන්නේ නෑ. එච්චරට මෙයාට පිස්සු වැටිලා. හැබැයි කොච්චර අය යාළු වෙන්න ඇහුවත් මෙයා කාටවත් කැමති වෙලා නෑ. තව කිව්වොත් මෙයාට සාමාන්‍ය කෙනෙක්ට නැති විශේෂ හැකියාවන් ගොඩක් තියෙනවා. ඒවගෙන් ප්‍රධානම එක වෙන්නේ එයාට...
(චා චා චා දැම්ම කිව්වොත් ගතියක් නෑ.. කතාවේ ඉස්සරහට එයාගෙන්ම දැනගන්න. 🙂)
2). Yang Jungwon
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ ඉන්නේ Jungwon. එයා Sunoo ගේ හොඳම යාළුවෙක්. එයාටත් වයස 17 යි. කොරියන් වයස 18. හැබැයි Sunoo ට වැඩිය මාස 5 කින් බාල නිසා මෙයා Sunoo ට Hyung කෑල්ලත් දාලා තමයි කතා කරන්නේ. මෙයා ඉගෙනගන්න දක්ෂ නිශ්ශබ්ද එක්කෙනෙක්. මෙයා තමා පංති නායකයත්. හැමෝම මෙයාට කිව්වේ "Yang Leader" කියලා.
3). Ni-ki
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ ඉන්නේ Niki. එයා තමයි Sunoo ගේ අනිත් යාළුවා. පන්තියේ chatterbox එක සහ mood maker මෙයා තමයි. තව කිව්වොත් මෙයා තමා පන්තියේ ගෑණු ළමයිගේ දුක අහන අයියත්.. එයාගේ වයසත් 17 තමා ඉතින්.. කොරියන් වයස 18 යි. මෙයා Sunoo ට වැඩිය මාස 9 කින් බාලයි. ඒ කියන්නේ Jungwon ට වඩා මාස 4කින්. ඒත් වෙලාවකට මෙයා hyung කියන්නේ නෑ අනිත් දෙන්නට.. එකම වයසේ නිසා එහෙම ඕනෙ නෑ කියන මතයේ තමයි මෙයා ඉන්නේ..
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...
• INTRODUCTION •
Start from the beginning
