12 | Artwork 🙃

Depuis le début
                                    

ටේ උඩ පැන පැන හිනාවෙද්දි, තාම කරදරයට පත් පෙනුමෙන් හිටිය නම්ජුන්, තමන්ට එල්ල වුන ඒ හිනාව අමතක කරලා දාලා, කුස්සිය දිහා බලලා සුසුමක් හෙලුවා.

" ඒත් හ්යොන්ග්, ඇයි අද කවදාවත් නැතුව උයන්න හිතුනෙ? "

ටේ හදිස්සියෙම එහෙම ඇහුවෙ බරපතල මූනක් මවාගෙන කල්පනා කරන බවක් පෙන්නමින්.

" ආහ් ටේ ඔයාට ඒ ඩිංගට අමතක වුනාද ඔයාගෙ හ්යුන්ග් ඊයෙ රෑ මූලස්ථානෙට ගියයි කියලා? ඒකයි මං අද ඔයාලට කෑම ටිකක් හදලා දෙන්න බැලුවෙ."

නම්ජුන් එහෙම කියනකොටයි, ටේට මතක්  වුනේ කලින් දවසෙ රෑ, එයාලා හැමෝටම යන්න කලින් උපදෙස් කෝටියක් දීලා ජින් හ්යොන්ග් මූලස්ථානෙට ගියා නේද කියලා.

ඒ විතරක් නෙමෙයි, නම්ජුන් හ්යොන්ග් ඊයෙ රෑ එයාට කිව්ව අලුත් විස්තර ටිකත් එයාට මතක් වුනා.

ජුන් හ්යොන්ග් කියපු විදියට කෙනෙක් එයාලගෙ ගෙට ඇතුල් වුනා නම්, එයාලා ආරක්ෂක පද්ධතිය ආයෙ හැදුවත්, තමන්ගෙ ගේ ඇතුලෙ වුනත් ඉන්නෙ අවදානමක නෙමේද කියලා එයාට හිතුනා.

නම්ජුන් මොනව කිව්වත්, ටේට තමන්ගෙ හිතේ බයක් ඇතිවෙන එක නවත්තගන්න බැරි වුනා.

ඒත්... එයාට ඒ බය නිසා ගෙදර තියන සතුට නැත කරගන්න ඕනෙ වුනේ නෑ. ඒ නිසයි එයා තමන්ගෙ හිතේ ඇති වුන බය කාටවත් පෙන්නන්නෙ නැතුව ශක්තිමත්ව ඉන්න තීරනය කලේ.

" ආහ්.. දැන් අපි උදේට කන්න හදන්නෙ මොනවද.. "

නම්ජුන්ගෙ කටහඬින් ටේ එයාගෙ සිතුවිලි ලෝකෙන් එලියට ආවා.

" ම්ම්... හ්යොන්ග්... මං යුන්ගි හ්යොන්ග්ව එක්කගෙන එන්නද? "

ටේ එහෙම අහන ගමන් යුන්මින් කාමරේ පැත්තට දිව්වෙ, නම්ජුන්ගෙ උත්තරයක් ලැබෙන්නත් කලින්.

ඒත් එයාට වැඩි දුරක් යන්න හම්බුනේ නෑ, මගදිම ජිමින්වයි යුන්ගිවයි හම්බුනා.

කලින් දවසෙ කන්නැතුව නිදාගත්ත නිසා, කට්ටියටම අද උදෙන්ම බඩගිනි වෙලා වගෙයි. නැත්තන් ඉතින් මේ එක්කෙනෙක්වත් උදේ පාන්දර නැගිටින අයයැ.

" හ්යොන්ග්.. යුන්ගි හ්යොන්ග්.. ඔයාට පුලුවන්ද උදේ කෑම හදන්න උදව් වෙන්න? "

YOU AND MEOù les histoires vivent. Découvrez maintenant