යුන් කියන්නෙ ගොඩක් සරල ගෑනුලමයෙක්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන සරල කමේ උපරිමයටම ගිය කෙනෙක්. අද යුන්ට විශේෂ දවසක්. අවුරුද්දක් තිස්සේ පෙරුම් පුරල පුරලා අද තමා යුන්ගෙ පහලොස්වෙනි උපන්දිනේ ලබන්නෙ. වයස අවුරුදු පහලව කියන්නෙ ඕනම ගෑනු ලමයෙක්ගෙ වගේම පිරිමි ලමයින්ගෙත් සෙල්ලක්කාර වයස. ඉතින් යුන්ත් දැන් ඉන්නෙ ඒ සෙල්ලක්කාර වයසේ.
යුන්ගෙ අදහස් ඉස්සරට වඩා වෙනස්. පිරිමි ලමයින් ඉස්සර හැසිරෙන විදිහ වෙනස්. ඒව විතරක් නෙමෙ. සතියක විතර පුන්චි කාලයක් ඉදල යුන්ට අමුතු නුහුරු දේවල් දැනෙන්න ගත්ත. තමන් දිහා කවුරුහරි බලන් ඉන්නව. තමන් ඇවිදිනකොට තවත් කෙනෙක් එයා එක්ක ඇවිදිනව වගේ දේවල් උනා. වෙලාවකට හිතට පොඩි බයක් දැනුනත් යුන් ඒව ගනන් ගත්තෙ නෑ. මොකද මම කියපු විදිහටම යුන්ගෙ සිතුම් පැතුම් පවා ගොඩක් සරලයි. අනිත් දේ තමයි යුන්ගෙ යාලුවයි අක්කයි එයාව කවදාවත් තනි නොකර එයා එක්කම ඉන්න නිසාත් යුන් ඒක ගනන් ගත්තෙ නෑ. හැබැයි බහුතරයක් අකමැති යුන් කැමති එක විශේෂ දෙයක් තිබ්බ.
දූරියන්, යුන් පොඩි කාලෙ ඉදලම කැමතිම පලතුර. යුන් ගෙ ගෙදර වත්තෙ ලොකු දූරියන් ගහක් තියනව. දූරියන් හැදෙන කාලෙට යුන්ව එතනින් අහකට ගන්නව කියන එකනම් කරන්න බැරි වැඩක්. ඒ නිසාම යුන්ට දූරියන් ගහ ලගට යෑම තහනම් උනා. ඒත් ඉතින් යුන් නම් ඒව කනකට ගත්තෙ නෑ.
අවුරුදු පහලොව ලබල ඒකෙ ලොකු කමටත් එක්ක යුන් එක පිම්මට ගියේ දූරියන් ගහ ලගට. හිමීට දූරියන් ගහ වටේ හොදට පරික්ෂා කරනකොට යුන් දැක්ක පූසෙක් මැරිලා ඉන්නව. පූස සුදු මැලි වෙලා. ඇගේ ලේ පොදක් නෑ. යුන් බය උනා .. ඔව් ගොඩක් බය උනා. යුන් දැනුනේ නෑ එයාගෙ පපුව ගැහෙනව. ඒත් යුන් ට දැනුනා එයා වැටෙන්න යන්නෙ කියල. යුන් වැටුනා. ඒත් තවත් තද අත් දෙකක් අතරට. යුන්ට අදාල උනේ නෑ ඒ කවුද කියන එක. යුන්ට ඕන උන එකම දේ එයාව සන්සුන් කරන්න පුලුවන් දෙයක්. යුන් සන්සුන් උනා. ඒත් හැඩි දැඩි අත් දෙකක් අයිති හිමි කරුවගෙ හදවතේ සද්දෙට. සාමාන්‍ය හදවත් වේගෙට වඩා වෙනස් වේගයක්. අසාමාන්‍ය විදිහට සීතල තුරුලක් යුන්ව සන්සුන් කරා.
YOU ARE READING
Her Fanfasy 🌼
Randomවසර ගනනාවක් බලාපොරොත්තු වූ උනුහුමක්. මුලදි කුතුහලයක් වුවත් පසුව ආදරයක් වූ හැගීමක්. (Sinhala JJK oneshot ) Enjoy guys 🎉️
