💚 "ඔප්පා.. ඇයි මේ? මන් ඇඳුමක් දාන් එන්නම්. "

🐻 "එතකොට මේවට බෙහෙත් දාන්නේ පොලීසියෙන් ද? "

ඔප්පා මගේ අත පෙන්නලා එහෙම ඇහුවමයි මට තුවාල වුණා කියලා මතක් වුණෙත්.

💚 "ඉන්න ඉතින්.. මන් ඇඳුමක් දාගෙන එන්නම් බෙහෙත් දාගන්න. "

මන් හැදුවේ එතනින් ෂේප් වෙලා යන්න.. බාත්රූම් එකේදී මන් දැක්කා අත බෙල්ට් එක වැදුණ පාරට රතු වෙලා විතරක් තිබ්බට කකුල තුවාල වෙලා තියෙනවා. මට ඕනි වුණේ ඔප්පගෙන් ඒක හංගන්න.. නැත්නම් ඔප්පා ආපහු පාරක් වැරැද්ද එයාගේ පිට දාගනීවි.

🐻 "ඔහොම ඉන්නවා පොඩ්ඩක්.. මොකද ඇඳුමක් දාගන්න වෙනදා නැති හදිස්සියක්? එතකොට කකුලේ තුවාලේ මට පේන්නේ නැති නිසා ද? "

ඔප්පා මගේ අතින් අල්ලලා ආපහු ඇඳෙන් ඉන්දවන ගමන් අහපු ප්‍රශ්නෙට නම් මට හීන් දාඩියත් දැම්මා. ඒ කියන්නේ ඔප්පා ඒකත් දැකලා.

💚 "අහ්.. නෑ ඔප්පා.. මන් මේ.. "

දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව මන් වචන අහුලද්දී ඔප්පා ආපහු කතා කළා.

🐻 "ඔයා ඔය කියන්න හදන්නේ තවත් බොරුවක් නම් ඒක කියන්න මහන්සි වෙන්න එපා. කෝ දැන් අත දෙන්නකෝ බෙහෙත් දාන්න. "

මන් බලාගෙන හිටියේ ඔප්පා මගේ අත ඔඩොක්කුවෙන් තියාගෙන පරිස්සමට බෙහෙත් දාන දිහා. ඔප්පා ඔයා ඔය තරම් ම මට ආදරෙයි ද?

💚 "ඔප්පා..? "

🐻 "ඇයි Harumi? "

ඔප්පා ඇහුවේ බෙහෙත් දාන එක නවත්තලා මන් දිහා බලලා.

💚 "ඔප්පා.. අපි ඔම්මව බලන්න ගියා කියලා අප්පා දැනගත්තොත්? "

🐻 "අප්පා බුසාන් ගියා Harumi.. මන් හ්යොන්ග්ලට කෝල් එකක් ගන්න ගියානේ.. එවෙලේ ගියේ. ඒ නිසා අපි දෙන්නා හරි Yunji හරි කිව්වොත් ඇරෙන්න අප්පා දැනගන්නේ නෑ. අපි අනිත් අයට හොරෙන් යමු. එතකොට හරිනේ? "

💚 "හරී.. ඔප්පා.. "

🐻 "ම්ම්? "

💚 "කුමාවෝ.. "

🐻 "ඒ මොකටද? "

ඔප්පා ඇහුවේ පුදුමයෙන්.

💚 "අද මාව බේරගත්තට.. ඔම්මව බලන්න එක්කන් යනවට.. මේ හැමදේටම. ඔප්පා ආවේ නැත්නම් අද.. ආාාහ්.. "

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now