Chapter 11

68 9 92
                                    

Young Mi's POV

ෂවර් එක ඇරලා ඒක යටට ගියපු මන් ආපහු කල්පනා කරන්න ගත්තා. අතෙයි කකුලෙයි තිබ්බ තුවාලවලට වතුර වැටෙද්දී රිදුනත් මන් ඒ ගැන තැකීමක් නො කළේ ඊට වඩා මගේ හිත රිදෙන නිසා.

අප්පා ඉස්සර මෙහෙම නෑ.. අප්පා මට ගොඩක් ආදරේ කළා.. ඉස්සර නම් අප්පා කවදාවත් මට මේ වගේ ගහන්න හිතන්නෙවත් නෑ. ඒත් දැන් ඇයි අප්පා වෙනස් වෙලා? එතකොට අප්පා ඉස්සර මට ආදරෙයි වගේ කරපු හැම දෙයක් ම බොරුවක් ද? නෑ.. ඒක වෙන්න බෑ.. අප්පා මට ආදරේ කළේ ඇත්තටම.. මට විතරක් නෙමේ ඔප්පටත්. එතකොට අප්පා ඇයි දැන් මේ විදිහට හැසිරෙන්නේ? ඔයා අප්පා ගැන හැමදේම දන්නේ නෑනේ නේද Young Mi? අප්පට ඒකට අපි නො දන්න මොකක්හරි හේතුවක් ඇති.

කොයි තරම් මගේ මොළේ පැහැදිලි කරලා දුන්නත් මගේ හිත ඒක පිළිගන්න ලෑස්ති නෑ.. මේ ජීවිතේට පුරුදු වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩි වුණත් තාමත් මන් කලින් වගේ ම අප්පගේ ආදරය, උණුසුම හොයනවා. ඒක එහෙම නෙමේ නම් ඇයි මට අප්පා මේ විදිහට සලකද්දී හිත ගොඩක් රිදෙන්නේ? ඒ නිසා පිළිගන්න අකමැති වුණත් මට පිළිගන්න වෙනවා ඒක තමයි ඇත්ත කියලා.

කාලයත් එක්ක අප්පා ටික ටික වෙනස් වෙද්දී මාත් හැමෝම ආදරේ කරපු, හුරතල් කරපු Harumiට සමු දීලා ඒ වෙනුවට Young Mi කියන ඕනේ දෙයක් දරාගන්න පුළුවන් ශක්තිමත් චරිතයට පණ දුන්නේ මට ආදරේ කරන අය මන් ගැන හිතලා දුක් වෙනවා බලන්න බැරිකමට. ඒත් තාමත් මේ වගේ Young Miව අත්‍යවශ්‍ය ම වෙලාවට පරණ Harumi එළියට ඇවිත් මාව අසරණ කරවනවා. හැමදාම අප්පා ඉස්සරහ කඳුළු එළියට එන්න නොදී පාලනය කරගත්තත් ඔෆිස් රූම් එකෙන් එළියට ආපු ගමන් මන් කරන්නේ එච්චර වෙලා හිර කරන් හිටපු කඳුළුවලට ඔහේ ගලාගෙන යන්න දෙන එක. Young Mi හැමදේම කොයි තරම් දරාගත්තත් මගේ හිතට යන්තම් හරි සහනයක් දැනෙන්නේ Harumi ඇවිත් හිතේ තියෙන හැම දුකක් ම කඳුළු කරලා පිට කළාට පස්සේ.

🐻 "Harumi.. ඔයා තාම වොෂ් දානවද? "

මන් කල්පනාවෙන් මිදුණේ ඔප්පගේ කටහඬට.

💚 "ඉන්න ඔප්පා.. මන් ඉක්මනට එන්නම්. "

මගේ පොඩි වෙනසත් ඔප්පට තේරෙන නිසා මන් කිව්වේ කටහඬ පුළුවන් තරම් සාමාන්‍ය කරගෙන. ඇඬුවා කියලා පේන්නේ නැතිවෙන්න මූණත් හෝදගෙන බාත්රොබ් එක ඇඳගත්තු මන් ඉක්මනට එළියට ආවේ තවත් පරක්කු වුණොත් ඔප්පට සැක හිතෙයි කියලා හිතුන නිසා. ඇඳ උඩ වාඩිවෙලා හිටපු ඔප්පට හිනාවක් දාලා මන් හැදුවේ ඇඳුමක් ගන්න යන්න වුණත් ඔප්පා ඇවිත් එකපාරට මාව ඇදගෙන ගිහින් ඇඳෙන් වාඩි කෙරෙව්වා.

Tears Behind Her Smile || SS501 [Completed] Onde as histórias ganham vida. Descobre agora