2003.07.01

මිස්ට කිම් කිවුවා මට ටේවත් ඇනාවත් මගෙ කවුරුවත් වෙන්නෑ කියලා..මට මෙහෙ ඉදලා ඉගෙන හොද රස්සාවක් හොයාගන්න කියලා..මිස්ට කිම් මිස්ට කිම්මයි..ටේ ටේමයි ..සහෝදරයා නෙවෙ.එතකොට පුංචි ඇනා..එයානම් මාත් එක්ක කොහොමත් තරහයිනෙ...ඒකට කමක් නෑ ..මමත් ලොකු වෙලා හොදට ඉගෙන ගෙන මිස්ට කිම් වගේම ලොකු ටිවි එකක් තියෙන කාර් එකක් ගන්නවා...

2003.09.25.

පුංචි ඇනා මා එක්ක විතරක් නෙවෙ ..ගෙදර කා එක්කවත් කතා කරන්නෑ..එයා පොඩ්ඩක් හරි හිනාවෙලා කතා කරන්නෙ ටේ එක්ක විතරයි..ඒත් ටේ එක්කවත් සෙල්ලම් කරන්නවත් එන්නෑ.ටේයි මායි තනියම සෙල්ලම් කරන්නෙ..මිසිස් කිම් එක්කවත් එයා කතා කරන්නෑ..එයාට ස්කෝලෙත් යාලුවො නෑ..තනියම ඉන්නෙ..මටත් ස්කෝලෙ යාලුවො නෑ..😔අපි දෙන්නම ඉන්නෙ තනියම...ස්කෝලෙ ගාවින් බැහැලා පුංචි ඇනා තනියම ඇවිදගෙන යනවා..මට දුවලා එයාට කලින් ස්කෝලෙ ඇතුලට යන්න පුලුවං..ඒත් මන් එයාගෙ පස්සෙන් යන්නෙ එයා පුංචි නිසා..හදිස්සියෙ වැටුනොත්වත්.කවුද බලන්නෙ.එයා ගොඩාක් සූටීනේ..

2003.10.03.

මිස්ට කිම් දැන් නගරාධිපතිලු...මුලු ගෙදරම අමුත්තො පිරිලා..ටේ කිවුවෙ අප්පා නගාරාධිපති වුන එකේ සතුටට අද පාර්ටි එකක් කියලා..රස කෑම මේස පුරා පිරිලා තිබුනා..🤭🤭ටේයී මායි හොරෙනුත් ඒවා කෑවා..ටේටයි මටයි ලස්සනම ලස්සන ඇදුම් අනදලා තිබුනේ.ටේ බීම විදුරුවක් හලාගෙන එකත් ජරා කරගත්තා..🤭 මිසිස් කිම් ටේට බැන බැන ටේව හේදුවා..😇😇කුකි වගෙ දග නැතුව ඉන්න කියලත් කිවුවා..🤭හොද වැඩේ ටේට...මේ ගෙදර මට ටේ, ඇනා සහෝදර,සහෝදරියො නොවුන එක විතරයි නැතිවුනෙ..අනිත් හැමදේම මට ඒ දෙන්නට වගේම හම්බුනා.. මිස්ට කිම් ,මිසිස් කිම් හරිම හොදයි.ඇනා එලියට ආවෙ නෑ අදවත්. එයා වෙනදටත් කන්නවත් කාමරෙන් එලියට එන්නෑ..එයා කෑම කන්නෙත් තනියම.

2005.05.08..

අද ස්කෝලෙ බේස් බෝල් තරගෙ..💪මන් ඉතිම් දක්සයනෙ..🙃මැච් එක දින්නෙ අද මන් නිසා..💪 මට ගොඩක් සතුටුයි..

2010.03.29..

මන් තමයි හැමදාම පංතියෙ පලවෙනියා..ඇනා නම් ඉගෙන ගන්න ගොඩක් දුර්වලයි වගෙ..මගෙන් මුකුත් අහ ගන්නෙත් නෑනේ..ඉස්සර වගේමයි තනියම ඉන්නෙ.එයා හුගක් බයෙන් වගෙ ඉන්නෙ..හැමදේටම බයෙන් වගෙ..මටත් යාලුවො නෑ..මාත් එක්ක යාලු වෙන්න ආවත් මන් කා එක්කවත් කතා කරන්නෑ..මේම නිදහසෙ ඉන්න එක හොදයි..ඔයාගෙ ගොඩක් දේවල් ඉස්සර වගෙ ලියන්නෙ නැතුවට සමාවෙන්න මගේ යාලුවා..

seven notesWhere stories live. Discover now