" අනේ කුකී 🥺 ඔයා ඇඬුවාද කුකී "

ටේ කුකීගේ මූණත් එක අතකින් අල්ලගෙන කුකීගෙන් ඇහුවේ එයා ඇඬුවද කියලා ටේට අමතක උනා කුකී ඉන්නෙ නිදාගෙන කියලා.ටේගෙ කඳුලු බින්දුවක් කුකීගේ අතකට වැටුනු නිසා කුකී ගැස්සිලා වගේ ඇහැරුනා කියලා ටේටත් හොඳටම තේරුනා.

" ටේ...ඔයා අඬනවද "

" මට කියන්න කුකී ඇයි ඔයාගේ ඇස් වල කඳුලු 🥺 මන් කවදාවත් ඔයාව මේ විදියට දැකලා නෑ කුකී.ප්ලීස් මට හැමදේම කියන්න මම ඔයාගේ හොඳම යාලුවානේ නේද "

" ටේ මට එයාව හම්බුනා "

" කාවද කුකී 🙄 කවුරු ගැනද ඔයා කියන්නෙ "

" ඔයාට මතකද ටේ අවුරුදු දෙකකට කලින් අපි ජපන් වල තිබ්බ කොන්සට් එකකදි කෙල්ලෙක්ව දැක්කා කියලා කිව්වා "

" ඉතින් "

" උබ දන්නවනේ ටේ මන් උබට හැමදේම කිව්වානේ ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ නෙවෙයි.හරිම තැන්පත් විදියට හිටියේ.එයා හිටියේ කොන්සට් එකේ ඉස්සරහාම නිසා මන් එයාව හොඳටම දැක්කා.එයාගේ ඒ ඇස් තිබුනේම මගේ ලඟ.මන් ඒක හොඳටම දැක්කා.එදා එයාගේ ඇස්වල කඳුලු තිබුනත් ඒ ඇස් දිලිසුනා ටේ.මන් කවදාවත් ඒ වගේ ඇස් දෙකක් දැකලා නෑ.ඒ හිනාව හරි අහිංසකයි.මට තාමත් ඒ හිනාව මැවිලා පේනවා.මන් බලාපොරොත්තු උනා එයා අපේ අනිත් කොන්සට් වලටත් එයි කියලා.ඒත් එයා ආවේ නෑ ටේ.ඒත් මන් හිත හදාගත්තේ ඩිස්බෑන්ඩ් උනාම මන් එයාව හොයාගන්නවා කියලා.මට අද එයාව හම්බුනා.දන්නවද ටේ මන් මින් සූගේ පෝන් එකේ ෆොටෝ බලද්දි මින් සූයි ඒ කෙල්ලගෙයි ෆොටෝ එකක් තිබ්බා.මට ගොඩාක් සතුටු හිතුනා අන්තිමේදි මන් එයාව හොයාගත්තා කියලා 🙂 ඒත්..."

කුකී එයාගේ කතාව කියලා මඟදී නතර කරපු ගමන්ම මෙච්චර වෙලා නිහඬව හිටිය ටේ එයාගේ කටහඩ අවදි කරේ මගදී නතර කරේ ඇයි අහන්න ⁣වගේ.

" ඒත්...ඒත් කියන්නේ ඇයි කුකී..මොකද්ද උනේ.."

" දන්නවද ටේ ඒ දෙන්නාගේ ෆොටෝ එකට එහා පැත්තෙම තව ෆොටෝ එකක් තිබ්බා.ඒකෙ හිටියේ මින් සූගේ ⁣අක්කායි තව බෝයි කෙනෙකුයි 🥺 මට ඒක දැක්කාම මාව පාලනය කරගන්න බැරි උනා ටේ.ඒකයි මන් ඉක්මනට යමු කිව්වේ 😭 ඒ කියන්නේ එයා බැඳලද ටේ මට එයාව අයිති නැද්ද..."

silent lover ( Completed )Where stories live. Discover now