Chapter 6💙

676 177 2
                                    

සතියක් තිස්සේ ටේහ්‍යුන්ග් විදෙව්වා.ඒකත් නොකරපු දේකට..සතියක් තිස්සේ ගෙදර පිස්සෙක් වගේ ටේහ්‍යුන්ග් ජීවත් වුනේ.ජන්ග්කුක් ගෙයි එයාගෙයි මතක සැරින් සැරේට ඇස් ඉස්සරහ මැවි මැවි පෙනුනා.

මගේ මැණික..ඔයා කොහෙද?අනේ මං ගාවට එන්න.මං ඔයාට බොරු කරේ නෑ.මං ඔයාට විතරයි ආදරේ..

ටේහ්‍යුන්ග් එකම දේ කිය කිය ඇඩුවා.ඒත් ටේහ්‍යුන්ග් දැනන් හිටියේ නෑ එයාට ඊට වඩා අඩන්න අවස්ථාවක් උදා වෙනගමන් තිබ්බේ කියලා

පහුවදා උදේ ටේහ්‍යුන්ග්ට කෝල් එකක් ආවා.ඒ පොලිස් ස්ටේශන් එකෙන්..

මිස්ටර් කිම්.අපිට බොඩි එකක් හම්බුනා.හන් ගග ගගේ පාවෙවි තිබිලා.අපි බොඩි එක ගොඩගත්තා.මූණ හොයාගන්නවත් බැරි තරමට විනාශ වෙලා.ඒත් ඔයා ආවොත් ඒක මිස්ටර් කිම් ජන්ග්කුක්ගේද කියලා හොයාගන්න පුලුවන්

ටේට පොලිස් ඔෆිසර් කිව්ව දේ ඇහුනේ හීනෙන් වගේ..ටේහ්‍යුන්ග් මළකදක් වගේ ඔහේ බලන් හිටියා.ඇස් වලින් කදුලු කඩන් වැඩුනා.

ම..මගේ මැණික.ඒ ඔයා නෙමෙයි නේද?කියන්න.ඔයා තාම ජීවත් වෙනවා නේද?ජන්ග්කුක් මම වැරදි නෑ ජන්ග්කුක්.මෙච්චර දඩුවම් කරන්න එපා..
ටේහ්‍යුන්ග් පපුව අල්ලන් කෑ ගහලා ඇඩුවා.බිම වැතිරිලා ඇඩුවා.ඉක්මනට වාහනේ යතුර අරන් පොලිස් ඔෆිසර් කිව්ව තැනට යද්දිත් එතන මිනිස්සු පිරිලා හිටියා.

💙💙

I'm not lying (Taekook)✓Where stories live. Discover now