|. 9 .|

540 126 40
                                    

"මොකක්!!"

අනිවාර්යයෙන් මේ ගල් ගෙඩියාගේ මොලේ කොහෙහරි වයර් එකක් බුරුල් වෙලා. නැත්තම් ඉතින් මගෙන් චිමියාට ලව් කරනවාද අහයියෑ😒😣

මේකා හිතන් ඉන්නේ මම කොල්ලොන්ට කැමතියි කියලාද දන්නේ නෑ.

ඒත් මට ගල් ගෙඩියාව.. අනී ජන්ග්කුක් ව දැක්කම අමුතු හැඟීමක් දැනෙනවා. ආයිශ් යාළුකම වෙන්න ඇති😣

ඒ කතාව මෙහෙමයි !

Flashback ~

"එතකොට ඔයා අපිව විශ්වාස කරන්නේ නැද්ද?" මම එහෙම අහද්දි ගල් ගෙඩියා කල්පනා කරනවා.

"නෑ ... එහෙම නෙවෙයි. මම විශ්වාස කරනවා.. ඒත් මම කැමතියි ඔයාලා ගැන ඔයාලගේ ලෝකේ ගැන ! පවුලේ අය ගැන එතකොට ආහ්... ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන දැනගන්න හී.."

ගොනා වගේ හිටියට හරිම වෙලාවෙදී හදවත කුඩු කරලා දැම්මා මේකා. ඇයි දෙයියනේ .. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් නැති මට දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයපංකෝ.

"ආහ්... අපේ ලෝකෙද? "

"ඔව්."

මම ගල් ගෙඩියාට කතාව කියන්න හිතුවා.

(ඔන්න අහගන්න... කම්මැලියි කියලා මග අරින්නේ නැතුව කියවපල්ලා හරි !

_මීට ටාටා_)

" සයිනර්ත් කියන්නේ පෘථිවියටත් කලින් දූවිලි අංශු වලින් නිර්මාණය උන ලෝකයක්. සයිනර්ත්වල ජනතාව සයිනර්තර්න් කියලායි කියන්නේ. අපේ ලෝකෙ මිනිස් ලෝකයට වඩා වෙනස් වෙන්නේ හේතු කිහිපයකින්. ඒ තමයි ඔයාලට බඩගින්න , තිබහා වගේ අවශ්‍යතා ඇති උනත් අපිට ඒ දේවල් දැනෙන්නේ නෑ.  එතකොට අපේ ලෝකේ ජීවත් වන අය මිනිස් ජීවින් වගේ උනත් අපිට බලයන් තියෙනවා. ඒකයි වෙනස"

Jk -"අම්මෝ !"

"එතකොට... "

Jk -"ආහ්..."
ඇයි අප්පා ගල් ගෙඩියා කෑ ගහන්නේ ? බඩේ අමාරුවක්ද දන්නේ නෑ..

Jk - "ඔයා ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන කියන්නකෝ ☹️"

අපේ ලෝකෙ ගැන කියන්න කියලා දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන කියන්නලු. ඇයි යකෝ මාව අසරණ කරන්නේ ඔහොම 😢💔

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now