Final Chapter - Part 01

Start from the beginning
                                        

.
.
.

" හ්‍යුන් ??? ඔයාල මේ දේ කලින් දැනන් ඉදියද ඒ කියන්නේ ??  ආහ් ?? උත්තර දෙන්න හ්‍යූන්.... ටේ ටේ ඔයාත් ?? මහ ලොකුවට soulmate ගෑවෙ බොරුවටද ආහ්?? කියනවා ටේ ?? කුකී ?? සුගා හ්‍යූන් ?? හොබී හ්‍යූන් ?? ජින් හ්‍යුන් ඔයත් ?? ඇයි එක්කෙනෙක්වත් මට උත්තර දෙන්නැත්තේ ජූන් හ්‍යූන් එක්කන් හැමෝම එකතුවෙලාද මේ දේවල් හැන්ගුවේ...... ??? කියනවා "

නම්ජූන්ගෙ කොළර් එකෙන් ඇද ඇද, ජිමින් මුලු ගෙදරම දෙදරන්න කෑ ගැහුවා. ඒ සද්දෙට හැමෝම ගැස්සුණත් කවුරුවත් ඔලුව ඉස්සුවෙ නෑ. හැමෝම ඉදියෙ බිම බලන් දෙන්න උත්තර නැති නිසයි.
ජිමින් හැසිරුණේ යකෙක් වගේ. ඒ මූණ දකිද්දි බය හිතෙනවා. කදුලු පිරුණ රතූ උන ඇස්.... රතූ උන මූණ.

" මේක සොන් ඊ ඔයාට දෙන්න කිව්ව ජිමිනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේක සොන් ඊ ඔයාට දෙන්න කිව්ව ජිමිනා. මියන්හෙ එයා අපිව පොරොන්දු කරගත්තා ඔයාට කියන්නෑ කියලා. අපිත් ගොඩක් උත්සහ කළා ජිමිනා. ඔයාට මතකද දවස් 5කට සොන් ඊ ඇමෙරිකා ගියා ඔයාවත් දාල. එයා ඒ ගියෙ checkup එකකට. ඔයා නොදන්නවා උනාට ඒ ගමන මමයි ජින් හ්‍යූනුයිත් ගියා එයා එක්කම. ඔයාට කිව්වෙ අපි ජපන් යනවා කියලා. අපි ගොඩක් බලාපොරොත්තු තියන් ගියෙ. ඒත් එහෙන් තහවුරු කළා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ යන්න වෙලාව එනකම් බලන් ඉන්නවා හැරෙන්න කියලා. පරක්කු වැඩී කිව්වා. මියන්හෙ ජිමිනා මියන්හෙ අපි ගොඩක් උත්සහ කළා 🥺😥 "

ජූන් එහෙම කියද්දි ජිමිනාගෙ ඇස් වල තිබ්බ කදුලු ආයෙමත් අලුත් උනා. එහෙමම ජූන්ගෙර් කොලර් එක අතෑරල ජුන්ගෙ ඇග දිගේම කොල්ල ලිස්සල බිම ඉදගද්දි ජූනුත් කොල්ලා එක්කම ඉදගෙන හයියෙන් බදාගත්තා.

" චිමී... මැණික... මං සොන් ඊ 😊 ඔයාට කොහොමද ?? මං දන්නවා ඔයා දැන් හොදින් නෙමේ කියලා. මොකද ඔයා මේක බලනවා කියන්නේ මං මේ ලෝකෙන් ගිහින් කියන එක. මියන්හේ චිමී. කවදාවත් ඔයාවයි පැටියවයි මෙහෙම දාලා යන්න හිතුවෙ නෑ. මං දන්නව ඔයා දැන් හොදටම අඩනවා කියලා. ඒ වගේම අපේ පැටියා ඉස්සරහ අසරණවෙලා කියලා. ඔම්මා ගැන අහද්දි ඔයාට දෙන්න උත්තර නෑ කියලා මං දන්නවා. මං ඔයාලව දාලා ගියාට ඔයාල එක්ක හැමදාම ඉන්නවා චිමී... ඔයාගෙ හදවතේ මං හැමදාම ඉදී. මං දන්නවා මගෙ කොල්ල මට ගොඩක් ආදරෙයි කියලා. Plzz චිමී මං වෙනුවෙන් ශක්තිමත් වෙන්න. හන්සන්ව තනි කරන්නෙපා. එයාට හොද තාත්තා කෙනෙක් වෙන්න. ඔයා කැමති නම් ඔයාවයි එයාවයි හොදට බලාගන්න පුලුවන් කෙනෙක්ව ඔයාගේ ජීවිතේට එකතු කරගන්න පුලුවන්. මං මුකුත් කියන්නෑ චිමී. මම් තරහ වෙන්නෙත් නෑ. Promise.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now