Final Chapter - Part 01

Comenzar desde el principio
                                        

ජිමින් පිස්සුවෙන් වගෙ මැශින් එක හදන්න උත්සහ කරනවා. ආයෙ කෙල්ල ළගට එනවා.... කෙල්ලගෙ මූණට අත් දෙකම තියලා හයියෙන් හොල්ලනවා. දොර ගාව කදුලු පුරවන් ඉන්න doctor ගවට කොල්ලා ගියේ යකෙක් වැහිලා වගේ.

" යාහ්... ඔහේ මෙතන හිටන් ඉන්නෙ මොකද... යනවා ගිහින් මොනා හරි කරනවා..... මගෙ  කෙල්ලව බේරලා දෙනවා.... තමුන් doctor කෙනෙක් නේද "

" සමාවෙන්න ජිමින් ශී... අපි ගොඩක් උත්සහ කළා. ඒත් අපිට තවත් කරන්න පුලුවන් දෙයක් නෑ... plzz ඔයා දරාගන්න"

" දරාගන්න ??  දරාගන්න ?? ඕක අහගන්නද යකෝ කෙල්ලව මෙහෙට අරන් ආවෙ.... මොනා හරි කරලා මගෙ කෙල්ලව බේරලා දෙනවා යනවා..... මාව නරක මිනිහා කරගන්නෙපා... තමුසෙලාට බැරි නම් කියනවා... මං මගෙ කෙල්ලව වෙන කොහෙ හරි අරන් යන්නම්... වෙන රටකට හරි කමක් නෑ මං අරන් යන්නම්... "

කොල්ලා doctor ගේ කොලර් එකෙක් ඇද ඇද බිත්තියට තද කරන් කෑ ගහනවා. තව ඉදියොත් ජිමින් doctor ට අත උස්සනවා කියලා දන්න නිසා ජිනී, හොබී දෙන්නවම කොල්ලව ඇදලා අරන් කොල්ලගෙ අත් දෙකෙන් හයියෙන් අල්ලගත්තා. කොල්ලා ඒත් නෙමේ නවත්තන්නේ. කොල්ලා පිස්සුවෙන් වගේ කෑගහනවා. කෙල්ලව මුලු ඇගම ඉඹිනවා. තියෙන බඩු පොලේ ගහනවා. මුලු room එකම කණපිට පෙරලුවා. කොල්ලා ගිහින් කෙල්ලගෙ ඇගේ තිබ්බ වයර්, බට සේරම ගලවල කෙල්ලව උස්සන් යන්නයි හැදුවේ.

" මැණික.... මැණික ඔයා භය වෙන්නෙපා ඔයාට මුකුත් වෙන්නැ මං ඉන්නවා හාද ඔයා ළගම ඉන්නව... මෙයාලට බැරි නම් මං වෙන කොහෙ හරි අරන් ගිහින් ඔයාව සනීප කරනවා.... අපි ය.....   "

' චටා....ස්..... '

"  ජිමිනි ඇති දැන්... හොද සිහියට එනවා මිනිහෝ "

තවත් ජිමින් දිහා බලන් ඉන්න බැරිම තැන සුගා තමන්ට පිටුපාල ඉදිය කොල්ලව උරහිසෙන් අල්ලලා හරවලා කනට පාරක් ගැහුවේ ඇස් වලින් කදුලු වැටෙද්දිමයි. කොච්චර තද ගතිතුණ තිබ්බත් තාමත් පොඩි එකෙක් විදියට දකින ජිමින්ගෙ මේ හැසිරීම සුගාට දරාගන්න බැරි වුණා. ඒ පාරට කොල්ලා බිම ඇදගෙන වැටුනේ අතින් කම්මුලත් අල්ලන්මයි. කොල්ලා හොද සිහියට ආවේ එතකොටයි.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Donde viven las historias. Descúbrelo ahora