" please චිමී ... තව ටිකක් මෙහෙම ඉන්න please 🥺😣 "
එහෙම කියල කෙල්ල හැමෝම දිහා බැලුවා.
' බයවෙන්නෙපා ... අපි එයාව බලාගන්නම් '
කියලා කියන්න වගේ එයාලා ඔලුව වැනුවා. ටෙ ටේ දැනටමත් අඩන්න පටන් අරන්. කෙල්ල ටේව ළගට අරන් කොල්ලගෙ කදුලු එක අතකින් පිහුවා. කොල්ලගෙ අතත් අරන් ජිමිනගෙ අත උඩින් තියලා කෙල්ලගෙ අත අරන් ජිමිනව තදින් බදාගත්තා.
" ච්..චි..ම්මී.... "
" ම්ම්ම්ම් "
" ස්...ස..සරන්ග්හේ .. "
" නාදු සරන්ග්හේ මැණික .."
'ටීඊඊඊඊඊඊඊඊ..........ක්ක්............................'
කෙල්ල එහෙමම ඇස් පියාගත්තා. කොල්ලව තද කරලා බලන් ඉදපු කෙල්ලගෙ අත් දෙක ලිහිල්වෙලා කොල්ලගෙ පිට දිගේ එහෙමම පහළට වැටුණා. කෙල්ලගෙ ග්රහණය අඩුවෙලා කෙල්ල බර වෙනවා කොල්ලට දැනුනා.
" සො..සොන් ඊ.... සොන් ඊ... ඇ.. ඇයි මේ... ඔයාට අමාරුද "
කොල්ලා ඉක්මනටම කෙල්ලගෙ ඈත්වෙලා කෙල්ල දිහා බැලුවේ වෙනසක් දැනුන නිසා. කෙල්ලගේ මූණේ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා. හැබැයි ඇස් වලින් තාමත් කදුලු ගලනවා. කෙල්ලගෙ මූණෙ තියෙන්නේ සතුටක්. ඒ කෙල්ලගෙ අන්තිම මොහොතේ ජිමින් ළගින්ම ඉන්න පුලුවන් උන එකට. කොල්ලගෙ අතේ තිබ්බ මුද්ද කොල්ලට නොදැනීම බිමට වැටුණා. හොබී ඒක දැකලා අහුලල අරන් තියාගත්තා.
" සොන් ඊ... සොන් ඊ.... ඇස් අරින්න... සොන් ඊ... doctor ... doctor එන්නකෝ මේ බලන්නකො ඇයි එයා මෙහෙම ඉන්නේ.... plzz අනේ මැණික ඇස් අරින්නකො.... ඒහ් පිස්සු කෙල්ල ඔයා හැමදාම ඔහොමයි. මාව විහිලුවක් වගේද ඔයාට පේන්නේ ආහ්... මේක විහිලු කරන වෙලාවක් නෙමේ.... ඇස් අරිනවා මෝඩ් මාව බය කරන්නැතුව.... ඇති දැන් මේක හොදටම වැඩී සොන් ඊ... මේ machine එකත් පිස්සු නටනවා ඒක කැඩිලද කොහෙද... පිස්සු කෙල්ල අවස්තාවෙන් ප්රයෝජන ගන්න නේ යන්නේ මාව බය කරලා. යා....... ඇති සොන් ඊ දැන්... මාව පිස්සෙක් කරන්නෙපා සොන් ඊ..ම් අනේ හ්යූන් හ්යූන්න්.... ඔයාවත් කියන්නකො මේ ගොන් ගහට මේක නවත්තන්න කියල... ටේ ඔයයි කුකී තමා මගෙ කෙල්ලට මේ වගේ වැඩ ඉගැන්නුවෙ.... යා යාආආආආඅ නැගිටින්නකෝ... හ්යූන්.... "
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Start from the beginning
