Final Chapter - Part 01

Start from the beginning
                                        

ජිමින්ගෙන් ඇස් අහකට ගත්තු doctor, අනික් membersලා දිහා බලලා ඔලුව දෙපැත්තට වනලා ලොකු හුස්මක් පිට කළා. ඒ එක්කම හයදෙනාමත් ලොකු හුස්මක් පිට කරලා මූණට මූණ බලාගත්තා. නම්ජුන්, ජින් ඇගිලි වලින් නළල දෙපැත්‍ත තද කරන ගමන් බිම බලාගත්තා. ‍යුන්ගියත් ඇස් චූටි කරන් ඔහේ බලන් ඉදියා. බිම බලාගෙන කට්ටිය ජිමිනා පස්සෙන් ඇතුළට ගියා.

ඒ යනකොට කෙල්ල ඇදේ ඉදන් හිනා වේගෙන ජිමිනා දිහා බලන් ඉදියා. කෙල්ල ඉදියේ machine ගොඩකට හිරවෙලා. හැමතැනින්ම වගේ බටත් ගහලා තිබ්බා. කෙල්ල දුර්වල උනත් මූණෙ තිබ්බේ අමුතුම ලස්සනක්. ජිමිනා ආපු පිම්ම ඇතුළට අඩි දෙකක් විතර තියලා නතර උනේ කෙල්ලව දැකලා.කෙල්ලව දැක්ක ගමන් ටික වෙලාවකට shock උනා වගේ වුණත් ඒ එක්කම ජිමිනගෙ මූණේ ලොකූ හිනාවක් ඇදුනේ කදුලු අතරින්මයි.

කෙල්ල ඇදේ ඉදගෙනම සේලයින් ගහපු අත් දෙකම ජිමිනා දිහාවට දික් කරන් ඔලුවෙන් ළගට එන්න කියලා සන් කලේ පොඩි ළමයෙක් වඩා ගන්න අම්මා අඩගහනවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ල ඇදේ ඉදගෙනම සේලයින් ගහපු අත් දෙකම ජිමිනා දිහාවට දික් කරන් ඔලුවෙන් ළගට එන්න කියලා සන් කලේ පොඩි ළමයෙක් වඩා ගන්න අම්මා අඩගහනවා වගේ. ජිමිනත් තත්පර කීපයක් බලන් ඉදලා හිමින් හිමින් කෙල්ල දිහාට යන්න ගත්තේ හිනා වේගෙනමයි. මුලින් හිමින් උනත් කෙල්ල ළගට ළං වෙනවත් එක්කම ජිමිනගෙ හිනාව ඇඩිල්ලක් වෙලා කෙල්ල ගාවට හයියෙන් දුවලා ගිහිම් බදාගත්තේ කෙල්ල එයාව දාලා කොහෙ හරියයි වගේ. කොල්ලා කෙල්ලව කොච්චර තදින් බදාගත්තද කියනව නම් කෙල්ලට හුස්මගන්නත් අමාරු උනා. ඒත් කෙල්ල ඒකට මුකුත්ම නොකියා ජිමිනට කැමති විදියට ඉන්න ඉඩ දුන්නා.

" අනේ මගෙ මැණික මොකද ඔයාට උනේ.... අනේ හොදින් නේද...හහ් ඉහ්හි... ඔ..ඔයා දන්...දන්නවද...හහ්... ම්ම්මන් ...මං කොච්චර බය උනාද කියලා අහ්... හහ් ඉහිහ්.. ම්ම්..මට හුස්ම ගන්නත් බ්..බැරිඋනා.... ම්ම්.. මං ගොඩක් බය උන සොන් ඊ .... අහ අහ හ්හ්හ් "

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now