" ජිමින් 😶 "
🐥" ම්ම්ම් හ්යුන් ජූ කියන්න "
" මට ඔයත් එක්ක ටිකක් වැදගත් දෙයක් කතා කරන්න ඕන "
🐥" ඕනි දෙයක් ජූ... කියන්න... මොකක්ද "
" ජිමින්, මට හිතෙනව අපි දුරදිග ගියා වැඩී කියලා. "
🐥" මොකක් ??? මොකක්ද ඒ කතාවේ තේරුම ජූ... ?? මට තේරුණේ නෑ.. "
" නෑ ජිමීන් එහෙම නෙමේ. අපි දෙන්නම දන්නවා අපි දෙන්නගෙම හිත්වල කිසිම වැරදි දෙයක් නෑ කියලා. අපි දෙන්නටම ඕන හන්සන්ගෙ සතුට. ඒත් ඒක ලෝකටා දන්නෙ නෑ නේද... ම්ම්ම් එයාලා මේක දකින්නේ වැරදියට... ඒකයි මං කිව්වේ.. "
🐥 "ජූ.. ඔයා මේ කතා කරන්නේ ෆෑන්ස්ලගෙ ප්රශ්නේ ගැන නම්... මං කිව්වනේ මේක ඉක්මනටම මං විසදන්නම්... plz මට ටික කාලයක් දෙන්න "
" ජිමිනි, දැන් මාස දෙකක් කිට්ටු වෙන්නත් එනවා. තාම මේ ප්රශ්නෙ කෙළවරක් නම් මට පේන්නෑ ජිමිනි. මේකෙන් ඔයා, මම, හන්සන් විතරක් නෙමේ... ඔප්පලා, එයාලගෙ පවුල්වල අය, ඔයාගෙ entertainment එකේ අය, ඔයාගේ business partners ලා මේ ඔක්කොම ප්රශ්නවල පැටලිලා. ඒ අයට මේක ඔලුවලට තවත් බරක් විතරයි චිමී. මං නිසා ඔයාල හැමොගෙම සතුට සැනසීම නැතිවෙලා. පවුල්වල ප්රශ්නත් එක්ක... අනික media වල යන දේවල්.... මේවා එච්චර හොද දේවල් නෙමේ ජිමිනි... මේවා හන්සන්ටත් බලපානවා.... මේ සේරම මං නිසා... මං ඔයාලගෙ ජීවිත වලට ආපු නිසා... "
🐥" ජූ.. ?? ඔයා මොනාද කියන්න හදන්නේ ? "
" ම්ම්ම්හ්... ජිමිනි... ම්ම්ම් මේකයි.. මං හිතන්නේ අපි ඈත් උනොත් හොදයි වගේ කියලා... "
🐥" මොකක් ?? මොකක්ද ඒකෙ තේරුම ඔයා අපිව දාලා යන්නද හදනේ"
" මියන්හෙ ජිමිනි... මේ වෙලාවේ මීට වඩා කරන්න හොද දෙයක් මට පේන්නෑ... මේකෙන් අපි හැමොටම හොදක්වෙයි.... හැමෝම කරදරවලින් නිදහස්වෙයි... එහෙම නේද ජිමින්... "
🐥" හන්සන්ට මොකද වෙන්නෙ ජූ ??? "
" මං හන්සන්ට ගොඩක් ආදරෙයි ජිමින්. මට එයා නැතුව ඉන්න අමාරුවෙයි. ඒත් මට හැමදාම එයා ළඟ ඉන්න අයිතියක් නෑ නේද ජිමින්... කවදහරි මං එයාගෙන් ඈත් වෙන්න ඕනා... ඉතිම් මේ ඒ දවස... හිතුවට වඩා කලින් ආවා කියලා හිතලා හිත හදාගමු... "
🐥" ජූ ?? 🥺 "
" 😊💔 "
" පැටියෝ... චිංගු යන්නම් හාද... ම්ම්ම්.. උම්මා... අප්පා එක්ක පරිස්සමින් ඉන්න ඕන හාද... අප්පට කරදර කරන්නෙ එහෙම නෑ තේරුණාද ම්ම්ම් "
👶" තිංගු... හෙටත්... එනා.. නේ.... සෙල්ලම් කලම්ම...."
" 🥺🥺🥺🥺 අහ්ම්...ම්ම්ම් අප්පා එක්කන් එයි බබාව හාද... ම්ම්ම්... චිංගු යනවා පැටියෝ ... බායි... චිංගුට kiss එකක්..... 🥺🥺🥺 කුමාවෝ... බායි.... "
හන්සන්ව වඩාගෙන මං මුලු මූණම ඉම්බා... පොඩි එකාත් මගෙ කම්මුලට kiss එකක් දුන්නා. අවසාන වතාව නේද මේ කියලා මතක් වෙද්දි බිමින් තියන්න හිත නොදුන්නට් අකමැත්තෙන්ම මං හන්සන්ව ජිමින් ළගට දුන්නේ අමාරුවෙන් හදාගත්තු හිත ආයෙ වෙනස් කරගන්න බැරි නිසයි. ජිමින් පොඩි එකාගෙ අතින් අල්ලගත්තා. පොඩි එකාට ගාණන් නෑ. එයා දන්නවා නම් මං යන්නමයි යන්නෙ කියලා කොහොම හැසිරෙයිද කියලා මට හිතාගන්නවත් බෑ.
මං ජිමින් දිහා බැලුවා. පොඩි එකාගෙ අතිනුත් අල්ලන් හිටපු විදියටම ගල්වෙලා වගේ මං දිහාම බලන් ඉන්නවා. මෙච්ච්ර වෙලා හිනාවෙවී තිබුණ ඒ ඇස් වල දැන් කදුලු මන් දැක්කා. ඇස් පිල්ලන් ගහන්නැතුවම එයා මං දිහා බලන් ඉන්නවා.
'වචන වලින් නොකිව්වට හිතේ තියෙන දේවල් මට ඔය ඇස් දෙකෙන් හොදට තේරෙනවා ජිමිනි. Plz මං දිහා ඔහොම බලන්නෙපා.... මං කොහොමද හිත හදන් යන්නේ plzzz.... ඔයා මට ආදරේ කරනවද ජිමින් ?? මං කරන තරමටම... ඇයි මට එහෙම දැනෙන්නේ... ආදරෙයි නම් මට ඒක දැන් කියන්න ජිමින්... මං යන්නයි යන්නේ... ආයෙ අපි හම්බ නොවෙන්න පුලුවන්... plzz ජිමිනි... එකම එක වතාවක් කියන්න යන්නෙපා කියලා... මාව ඕන කියන්න ජිමිනී.... මොන දේ උනත් දාල යන්නැතුව මං ඔයා ළගම ඉන්නම් ජිමින්... එකම එක වතාවක්.... '
අපි දෙන්න කළේ ඇස් දිහා බලන් ඉදපු එක විතරයි. හිතේ තියෙන දේවල් කියන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ. ඔයාගෙ ඇස් වලින් පේන දේ කියනකම් මං බලන් ඉදියා. අපි ගොඩක් වෙලා එහෙම බලන් ඉදියා. ඒත් කවුරුත් හිතට එකඟව කතා කළේ නෑ. තිබුණ නිශ්ශබ්දතාවය බින්දෙ මං.
" මං යන්නම් ජිමින්. කුමාවො හැමදේටම... පරිස්සමින් ඉන්න.... මියන්හෙ 🥺😥💔 "
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
...................................................................................
KAMU SEDANG MEMBACA
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Cerita Pendekජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Mulai dari awal
