කීපදෙනෙක් මගෙ පැත්තට කතා කළත් ගොඩාක් armyලා මට වෛර කළා. ඒ කියන කතා අහන්න තරම් ශක්තියක් මට තිබ්බෙ නෑ. මාව දන්න අය මගේ පැත්තෙන් හිටගත්තත් එයාලටත් කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නෑ. මට අන්තිමට job එකෙනුත් අයින් වෙන්න උනේ fansලා එතනටත් මාව හොයන් ඇවිල්ලා මට කරදර කරන්න ගත්තු නිසා. මං පාරෙ යනකොට මට ගල්වලින්, බිත්තර වලින්, අතේ තියෙන දේවල් වලින් ගැහුවා. මගෙ පොටෝ අරන් edit කරලා internet එකට දැම්මා. ජිමිනා මට bodyguards ලා එක්ක car එකකුත් දුන්නා. එයාලා hybe එකත් එක්ක එකතුවෙලා පුලුවන් හැමදේම කළා මේක විසදන්න. ඒත් තවත් මට මේක දරාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඒ නිසා මං තීරණය කළා ජිමින්ව හම්බෙන්න යන්න.
" ආහ් හ්‍යුන් ජූ එන්න ඇතුළට... පැටියෝ බලන්න කවුද ඇවිල්ල ඉන්නෙ කියලා.... "
මං යද්දි ජිමිනි සාලේ බිම ඉදන් හන්සන් එක්ක සෙල්ලම. පොඩ් එකාට මාව දැක්කම අප්පවත් අමතකයි. මං, දුවන් ආපු පොඩි එකාවත් උස්සන් ජිමින් ඉන්න තැනට ගිහින් බිමින් ඉදගත්තා.
" ආ... මෙයා බලන්නකො... එයාගෙ චිංගු ආවා විතරයි අප්පා කැළේ. මමයි මෙච්ච්ර වෙලා මෙයා එක්ක සෙල්ලම් කළේ.... නෝටී හන්සන් ඔයා 😩 "
ජිමිනා හුරතල් මූණකුත් හදන් තොලත් පෙරලන් action දදා කියද්දි මට ඇත්තටම ලෝබ හිතුණා. මං එහෙමම ජිමිනගෙ කොණ්ඩෙ අවුල් කළා. කොල්ලා හිනා වුණා.
" හ්‍යුන් ජූ, ඔයාට කොහොමද ?? ඔයා හොදින් නේද....වියදමට සල්ලි එහෙම තියෙනවා ද ? "
ඔක්කොම කරදර. මං ඉක්මනටම මේක විසඳනවා. බය නැතුව ඉන්නකො. "
" 😊❤️ "
මං ගොඩක් වෙලා හන්සන් පැටියා එක්ක සෙල්ලම් කළා. ජිමින් මේ ටිකේ නිවාඩු අරන් තිබ්බා තියෙන ප්‍රශ්නත් නිසා.. ඉතින් එයත් අපිත් එක්කම ඉදියා. අපි තුන්දෙනා එදා දවස ඉදියෙ ගොඩක් ගොඩක් සතුටින්. ජිමිනගෙයි හන්සන්ගෙයි මූණේ හිනාවට මට ගොඩක් ලෝභ හිතුනා.
' අනේ දෙවියනේ මේ මූණු වලින් මේ හිනාවනම් කවදාවත් අයින් කරන්නෙපා plz '
" කෝ දෙන්නම මෙහෙ බලන්න....... චීඊඊඊඊඊස්ස්ස්ස්ස්...... woah ඒක ලස්සනයි "
මං අපි තුන්දෙනාගෙ selfie එකක් අරන් ඒක එවෙලෙම මගෙ 4n එකේ wallpaper එකට දාගත්තා.
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Start from the beginning
