ඇත්තටම මමයි ජිමිනයි අතර එහෙම සම්බන්ධයක් තිබ්බෙ නෑ. අපි ඉදියෙ ගොඩක් හොද යාලුවො වගේ. ඊට එහා දෙයක් තිබ්බත් ආදරයක් ගැනවත් වෙන වැරදි අදහසක්වත් අපි දෙන්නට දෙන්න ගැන තිබ්බෙ නෑ. අපි දෙන්නම බැලුවෙ හන්සන්ගෙ සතුට. මටනම් ජිමින්ගෙ සතුටත් ඒ තරම්ම වැදගත් වුණා. අපි වැඩිය ප්‍රසිද්දියේ හම්බවුණෙත් නෑ. මොකද අපිට එහෙම බැරිවුණා. ඔයාලට තේරෙනවනේ. එයා world famous idol කෙනෙක්. ඉතිම් අපි ගොඩක් පරිස්සම් වුණා. ඒක එහෙම තියෙද්දිත් මේ සිද්ධවෙන දේවල් හිතාගන බැරිවුණා. ඇත්තටම කිව්වොත් මං සාමාන්‍යය කෙනෙක් නිසා මට මේවා කොහෙත්ම පුරුදු නෑ. ඒ මේ දේවල් දරාගන්න මට අමාරු වුණා. ගොඩක් කට කතා පවා හදලා තිබ්බා.
" ලස්සන මූණක් පෙන්නලා අපේ අහිංසක කොල්ලව රවට්ටගෙනද කොහෙද... පව් ජිමිනා "
" කොහෙ තියෙන ලස්සනක්ද අනේ.. බලන්නකො හැටි විතරක්.... "
" ජිමිනගෙ සල්ලි වලින් plastic surgery කරලා ඇති.... නැත්නම් ඉස්සර හෙනම කැතයිලු ඕකි... "
" බැ** පොඩි එකාව රවට්ටගෙන තාත්තව අල්ලගත්තා. ජිමිනටත් තේරෙන්නැද්ද මන්දා... "
" ජිමිනා හොද වැඩී... ඒ ප* බැ**ට කොල්ලා අහුවුණා... මේකට අපි මොකක් හරි කරන්න ඕන... අපේ කොල්ලව මේකිගෙන් බේරගන්න ඕන.. "
" ඒකි බැදලා නෑලු... මිනිස්සු එක්ක නටන එකියක්ද කොහෙද... මූණ බැලුවම පේනවා "
" ජිමිනගෙන් සෑහෙන්න බෑ වගේ... ටේගෙ කරෙත් එල්ලෙනවා මේ බලන්නකො... මේ.. මේ.... හොබී එක්කත් ඉන්නවා.... "
" මේ බලන්නකො ජින්ව hug කරගෙනත් ඉන්නවා..... පවුල්වල ප්‍රශ්නත් ඇති කරනවා මේකි... අනික් අයගෙ දරු පවුලුත් අනාථ කරන්න හදන්නේ මේකි ඉදගෙන "
" සොන් ඊ මැරනකම්ද කොහෙද මේකි බලන් ඉදලා තියෙන්නේ.. සොන් ඊ ජිමිනට කොච්චර ආදරේ කළාද.... "
" කලිම් ඉදන් තිබුණ සම්බන්ධයක් ද දන්නෑ.... ඒක දැනගෙන සොන් ඊ අසනීප වෙන්නැතී... මේකි බලන් ඉදලා තියෙන්නෙ වෙලාව එනකම් රිංගන්න "
" අපේ කොල්ලොන්ගෙ හිත් හොද වැඩී... මේකි ඒකෙන් ප්‍රයෝජන අරන්... "
" හන්සන්ට ඔම්මා කෙනෙක් ඕන.. අනික නොපෙන්නුවට ජිමිනත් තාම ඉන්නෙ දුකින්... එයාට වැඩ කරන්නයි හන්සන්ව බලාගන්නයි අමාරුයිනේ... මටනම් එයාගෙ වැරැද්දක් පේන්නෑ... එයා හොදයි වගේ... පාඩුවෙ ඉන්න කෙනෙක් "
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Start from the beginning
