සිද්ධ වුණ හැම දෙයක්ම අකුරක් නෑර බෙස්ටිටයි ඔප්පටයි මං කිව්වේ මේක පිටට නොදෙන්න ඒ දෙන්නව පොරොන්දු කරගන්න ගමන්මයි. මොකද එහෙම උනොත් ඒක jimin, teahyung දෙන්නටම හොද නෑ.
.
.
.
.
.
.
.
.
කාලය මේ විදියට ගෙවිලා ගියා. හන්සන් වගේම ජිමින්, ටේ, හොබි, සුගා, කුකී ,ජින්, RM මේ හැමෝම මං අදුරගත්තා. දෙතුන් සැරයක්ම අපි මුණ ගැහුණා. එකක් ටේගෙ පොඩි බබාගේ birthday party එක දවසේ. අනික් එක RM organize කරලා තිබ්බ family party එකක්.
මේ ටික කාලෙට ජිමිනායි මමයි ගොඩක් ළං වුණා. හන්සන් පැටියා හැමදාම මට call කරන්න පුරුදු වෙලා ඉදියා. මුලින් මුලින් හන්සන්ගෙ බල කිරීමට ජිමින් මා එක්ක කතා කළත් පස්සෙ පස්සෙ ජිමින් කතා කළාට පස්සෙ තමා call එක පොඩි එකාට දෙන්නෙ. අපි ගොඩක් දේවල් කතා කළා. ඇත්තම කිව්වොත් අපි හොදම යාලුවො වගේ වුණා. එයා දවසේ වෙන හැමදේම මා එක්ක කිව්වා. මාත් එහෙමයි. කාපු බීපුවගෙ ඉදන්ම. අපි වැඩිය මුණ ගැහුණේ නම් නෑ. මුණගැහුණත් අපි ගොඩක් පරිස්සම් උනා. මොකද එයා idol කෙනෙක්. එයාට අපි වගේ ඉන්න එක අමාරු වැඩක්.
මං ගොඩක් වෙලාවට ජිමින්ටත් එක්කම මොනා හරි කෑමක් හදන් එන්න පුරුදු වුණා. හන්සන් අතේ ඒක යැව්වා. ඒ හැමදාකම ජිමින් කන්න කලින් ඒකෙ පොඩි පොටෝ එකක් එවන්න පුරුදු උනා.
හන්සන්ටයි මටයි ඇවිදින්න යන්න ඕන උනාම එයා driver එක්ක අපිට car එක දුන්නා. හැබැයි එයා නම් ආවෙ නැ. අපි එයාගෙ birthday එකට suprise party එකකුත් ලෑස්තු කළා. මොකද පහුගිය අවුරුදු දෙකේම ජිමින් එයාගෙ bd එක් celebrate කළේ නෑ. එයා එදා හොදට්ම ඇඩුව. පොඩි එකෙක් වගේ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අපි එක පාරක් කට්ටිය්ම් 5 days trip එකකුත් ගියා. අපි කිව්වේ RM, ජින්, සුගා, හොබී, කුකී, ටේ එතකොට එයාලගෙ wifeලා බබාලා ඔක්කොම එක්ක. ඒකනම් ඇත්තටම හරිම විනෝදයි. ඒ ට්‍රිප් එකෙන් පස්සෙ මන් ජිමින් හන්සන් අපි තුන්දෙනාට නැතුවම බැරි උනා. පුදුම විදියට ළං වුණා. හැබැයි කොච්චර අපි ළං උනත් මගෙ හිතේ ජිමිනා ගැනවත් ජිමිනගෙ හිතේ මන් ගැනවත් වැරදි අදහසක් තිබ්බෙ නෑ. අපි දෙන්නම හන්සන්ට ආදරෙයි. එච්චරයි. ඒ වගේම අපේ සම්බන්දේ යාලුකමට එහා ගියා ආදරයට මෙහායින් නැවතුණ නමක් නැති සම්බන්ධයක් .
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
💗 RANDOM ENCOUNTER 💗 Chapter 04
Start from the beginning
