💗 RANDOM ENCOUNTER 💗 Chapter 02

Start from the beginning
                                        

හන්සන් බබා අප්පා එනකම් හැමදාම තනියම කිව්ව නිසාම මමත් පුරුදු වුණා හන්සන්ව එක්කන් යන්න එනකම්ම ඉන්න. සිස්ටර් කිව්වා වගේම හන්සන්ගෙ අප්පා හැමදාම විනාඩි 20ක් විතර පරක්කු වුණා. එතකම්ම මන් හන්සන් බබාගේ තනියට ඉදියා. බලන්න ඕනි අප්පා එක්කන් යන්න ආවම කොල්ලා දුවලා ගිහින් car එකට නගින සන්තෝසේ... මන් ළග ඉදියද කියලවත් ගාණක් නෑ.. අප්පත් කැළේ car එක දැක්කාම. ඒ හැම දවසකම මන් අප්පා එක්කවත් අප්පා මා එක්කවත් කතා කලේ නෑ.... පොඩ් හිනාවක් දාලා එකිනෙකාට ආචාර කළා විතරයි.
.
.
.
.
.
.
.
.
.

කාලය ගෙවිලා ගියේ හන්සන් මගෙ ජීවිතේට නැතුවම බැරි කෙනෙක් වෙලයි. Office  ඉවර වෙන්නේ කොයිවෙලේද කියලයි හැමවෙලේම මන් බලන් ඉන්නේ. පුලුවන් තරම් කලින් එළියට පනින්නේ මට බබාව බලන්න ඒ තරම්ම හදිසි නිසයි. Job එකෙන් අයින්වෙලා බබා එක්ක දවසම ඉන්න හිතුණ අවස්තාත් නැතුවම නොවේ. දවස් දෙක තුනක්ම මන් සිස්ටර්ගෙ අවසරෙත් අරන් හන්සන්ව ඇවිදින්නත් එක්කන් ගියා.( ඒ වෙනකොට සිස්ටර් මගෙ හොදම යාලුවෙක් වගේ වෙලයි තිබුණේ. සිස්ටර් මාව විශ්වාස කළා ) . බබා බලන්න යන හැමදාම බබාට මොනා හරි අරන් යන එක මගෙ පුරුද්දක් වුණා. සමහර දවස්වලට මන් මගෙ අතින්ම ගෙදරින් එක එක කෑම හදන් එනවා බබාට දෙන්න. ඇයි කියලා දන්නැතු උනත් මට ඕනි වුණේ හන්සන්ට ළං වෙන්නයි...එයාව සතුටින් තියන්නයි... ඇත්තම කිව්වොත් මට දැන් එයා නැතුවම බෑ. මට ඕනි වුණා එයාව මං ළගට ගන්න... ඒත් ඒක කෝමද මන් කරන්නේ... ඔව්.. මන් හන්සන් බබාට ගොඩාක් ආදරෙයි. එයත් එහෙමයි. අපි දෙන්නා දැන් ගොඩක් ළංවෙලා. එයාටත් දැන් මන් නැතුව බෑ. හැමදාම එයා මන් එනකම් පාර බලන් ඉන්නවා. මාව දැක්ක ගමන් හයියෙන් හිනාවෙවී දුවන් ඇවිල්ලා මගෙ ඇගට පයිනවා. මාත් ඉතිම් එයාව වඩාගෙන උඩ දාල කරකෝලා උම්මා දීලා කරන්න ඕන ඒව ඔක්කොම කරලා බිමින් තියෙනවා( වරදවා වටහා ගන්නෙපා පීස්ස්  😁) අප්පේ බලන්න ඕන කොල්ලගෙ කිංකිණි සද්දෙ. අනේ ඒ හිනාව.... හිනා වෙද්දි චූටි වෙන ඇස් මට කාව හරි මතක් කරනවා. ඒත් ඒ කවුද කියන්න මට තවටත් ඔලුවට එන්නෑ. අපි දෙන්නා ගොඩක් සෙල්ලම් කරනවා. බැලුම් උඩ දානවා. අයිස්ක්‍රීම් කනවා. සිංදු කියනවා නටනවා. Photo ගහනවා... විකාර ගොඩයි.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now