💗 RANDOM ENCOUNTER 💗 Chapter 01

Start from the beginning
                                        

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

........................................................................

මන් ඉන්නේ මගෙ bestie එක්ක. එයානම් marry කරලා ඉන්නේ. Bestie  කිව්වට එයා මගෙම සහෝදරියෙක් වගේ. එයා හිතන් ඉන්නෙ මන් පොඩි බබෙක් කියලා. මගෙ හැමදේම හොයලා බලනවා. වෙලාවකට මගෙ ඔම්මා වගේ. ඔප්පත් ඒමයි. බලන්න ඕනා ඔප්පා මන් ගැන අරන් තියෙන වගකීම. මට ඉතිම් ඉන්නේ මේ දෙන්නා විතරයි. මගේ ඔම්මයි ඔප්පයි ඉන්නේ ජපන් වල. මගෙ ඔන්නි marry  කලේ ජපන් කෙනෙක්. ඒ නිසා එයාලා ඉන්නෙ දැන් එහෙ. මන් නොගියේ bestieව දාලා යන්න බැරි නිසා.

මං වොශ් එකකුත් දාගෙන කෑමත් කාලා ඇදට ආවේ හෙට නිවාඩු දවස නිසා දවල් වෙනකම් හොදට නිදාගන්නවා කියලා හිතාගෙන. නිදාගන්න ආවත් මට නින්ද නොගියේ මගේ හිතට අඬන බබාව ආව නිසයි. පොඩි ළමයි ගැන මගේ හිතේ විශේෂ තැනක් වත්, ලොකු ආසාවක් වත් නැහැ. ඇත්තම කිව්වොත් මම පොඩි උන්ව නලවන්නවත් හුරතල් කරන්නවත් දන්නෙ නෑ. ඒත් ඒ අඬන බබා මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා හේතුවක් නැතුවම. ඒ බෝල ඇස්, හුරතල් කම, අහින්සකකම මගෙ ඉස්සරහ මැවිලා පේන්න ගත්තා. අනික් ළමයි එයාලගෙ ඔම්මලා ඔප්පලා යාලු බබාලා එක්ක සෙල්ලම් කරද්දි අඩන බබා ගොඩක් වෙලාවට ඉදියෙ තනියම. එයා ටිකක් හරි සමීප එයාගෙ යාලු බබාටයි එයාගෙ ඔම්මටයි විතරයි කියලයි මට හිතුනේ. ඒත් අවුරුදු 3ක විතර පුංචි බබෙක් එහෙම තනියම ඉන්නෙ කොහොමද ? ඇයි එයා වැඩිය සෙල්ලම් කරන්න ගියෙ නැත්තෙ ? ගොඩක් වෙලාවට ඒ ඇස් දිළිසුණ. ඒ ඇයි ?
අඩන බබා ගැනම හිත හිතම මට දන්නෙම නැතුව් නින්ද ගියේ ගතේ මහන්සියයි හිතේ මහන්සියයි දෙකම නිසා.

පහුවදා නැගිට්ටත් ඒ ගමන්ම වගේ මට ආයෙත් මතක් වුණේ ඒ අහිංසක දිළිසෙන බෝල ඇස්. ඇයි මට  මෙච්ච්ර ඒ බබා ගැන හිතන්නේ..?
.
.
.
දවස් ගත වුණෙ වෙනදා වගේම office  එකේ වැඩ එක්ක busy වෙද්දි. ඔලුවේ ලොකු පීඩනේකුත් එක්ක මන් අදත් එළියට බැස්සේ මගෙ හිත නිවන එකම තැනට යන්නයි. වෙනදා වගේම hand free දෙකත් ගහන් මන් මගෙ සුපුරුදු බංකුවෙම ඉදගත්තේ පොඩි උන්ගේ කෝලම් දිහ බලාගෙනමයි. එක පාරම මගෙ ඇස් නතර වුණේ පුංචි බබෙක් ගාව. අදුරගන්න නම් මට වැඩිවෙලා ගියෙ නෑ. මට අමතක උනත් මගෙ හිතේ ඒ රූපේ ඇදිලා තිබ්බේ මටත් නොදැනිමයි.
ඔව්... ඒ එයා... අඩන බබා.....
එයා තනියම තණකොළ ගොල්ලේ ඉදගෙන මොකක්ද අදිනවා. මන් හිතන්නේ චිත්‍රයක්. එයා ඒකත් එක්ක හරි හරියට busy වෙලා. ඔලුව ඉස්සුවත් ඇස් දෙක නෙමේ ඒකෙන් එළියට ගත්තේ. චූටි කකුළ් දෙකත් දිග ඇරගෙන, සැරින් සැරේ අනික් අතින් පාට කූරත් හද හද, කටත් හුරතලේට හදාගෙන කොල්ලා බරටම වැඩ. අනේ හුරතලේ බේරෙනවා...දුවලා ගිහින් මිරිකන්න හිතුණත් එහෙම නොකළේ ඒක මගෙ system එක නෙවේ නිසයි 😌😎 (මං බබාලා හුරතල් කරන්න දන්නෙත් නෑ ආසත් නෑ). මන් බැලුවත් එයාගේ යාලු බබානම් අද පේන්න ඉදියෙ නෑ. එයා ළග පාතක කවුරුවත්ම ඉදියෙ  නෑ. මේ තරම් පුංචි බබෙක් ඇයි තනියම ඉන්නේ. මෙතන ඕනි තරම් බබාලා ඉන්නවා. ඒත් ඇයි එයා මෙහෙම ?? ඒ ප්‍රශ්නේ මගෙ හිතට ගොඩක් වද දුන්නා.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now