💗 RANDOM ENCOUNTER 💗 Chapter 01

Start from the beginning
                                        

    මන් කිව්වේ බොරුද.... සීසෝ එකේ ලිස්සලා ආපු පොඩි බබෙක් නවතින්නැතුව දිගටම ගිහින් නතර උනේ නහයත් බිම ඇනගෙන....😂 එයාගෙ ඔම්මා ඉක්මනට බබා ළගට දුවගෙන එද්දිත් බබා ඇස් දෙකත් ලොකු කරන් බිම ඉදගෙන වටේ බැලුවේ කවුරු හරි දැක්කද කියලා දැනගන්න වගේ.... ඔම්මව දැක්ක ගමන් කටත් හදාගෙන ඇස්වල කදුලු පුරෝගද්දිනම් මට හිනාව නවත්ත්ගෙන ඉන්න බැරි වුණා.. 🤣

' මොනා උනත් රිදෙන්නැති... '

හිනා ගියත් මට එහෙම හිතුණා.

    පුංචි ළමයි කෑ ගහගා හිනා වෙවී හරි හරියට සෙල්ලම. බලන් ඉන්න ආසයි. ඔය අතරේ ආයෙත් මගෙ ඇස් වලට අහු වුණේ මන් එද්දිම දැකපු අඩන බබා. Park එකේ තිබුණ උඩින් වතුර වැක්කෙරෙන පොඩි පොකුණේ බැම්ම උඩ තනියම ඉදන් ඇස් දෙකත් බෝල කරන් බලන් ඉදියේ චූටි අතකින් එයාගෙ කලිසම පැත්තක් හයියෙන් ගුලි කර කරමයි. අනේ දැක්කාම හරිම හුරතල්... බෝල ගෙඩියක්. අනිත් අතින් හයියෙන් ටෙඩිබෙයා පැටියව තුරුල් කරන් ඉදියෙ හරියට ඒක කවුරු හරි ඇවිත් උදුරන් යයි වගේ. මන් ටිකක් වටේ බැලුවේ එයාගෙ යාලු බබා කෝ බලන්නයි. එතකොටම වගේ යාලු බබා හෙමින් හෙමින් වැටෙයි කියලා බයෙන් වගේ දුවන් ඇවිත් අඩන බබාට දුන්නේ අයිස් ක්‍රීම් එකක්. 🍦ඒ දීලා අඩන බබාට ඇගිලි පහම දික් කරන් බායි කියලා ආයෙ ආපු පැත්තටම රෝල් වෙවී දිව්වේ එයාගෙ ඔම්මා ළගට. ඔම්මා බබාවත් වඩන් ඈත තමන් දිහා බලන් ඉන්න අඩන බබාටත් flying kiss දීලා යන්න ගියා. එයාලා යනකම්ම අඩන බබා ඒ දිහා බලන් ඉද්දි මන් දැක්ක ඒ චූටි ඇස් දිලිසෙනවා. අයිස් ක්‍රීම් එක දිහා බලලා ඒක හිමින් හිමින් කන්න ගත්තේ චූටි කකුළ් දෙකත් පද්ද පද්දමයි. එයා තනියම........ වටපිට බල බල අයිස් ක්‍රීම් එක කනවා. අනික් බබාලා සෙල්ලම් කරන දිහ බලන් ඉද්දි එයාගෙ ඇස් ආයෙත් දිලිසුණා මන් දැක්කා. එයාටත් සෙල්ලම් කරන්න යන්න ඕන ඇති. මන් බලන් ඉදියා.... ඒත් එයා  නෙමේ එතනින් හෙල්ලුනේවත්.
.
.
.

    එක්කෙනා දෙන්නා park එකෙන් යද්දි මාත් bag එකත් අරන් නැගිට්ටේ වෙලා ගිහින් නිසා ගෙදර යන්නයි. එළියට එද්දි ආයෙ මන් දැක්කේ බිම පඩියක් උඩ ගුලිවෙලා ඉදන් පාර දිහා බලන් ඉන්න අඩන බබාව. එයා ඒත් ඉදියෙ තනියම. පොඩි උන් නළෝලා පුරුද්දක් මට තිබ්බෙ නැති නිසා මන් එළියට ආවා.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now