ඒ දිහත් බලලා මන් සිස්ටර් එක්කත් පොඩි හිනාවක් දාලා එතන ගහක් යට තියෙන බංකුවකින් ඉදගත්තේ ලොකු හුස්මක් පිට කරන ගමන්. බෑග් එකත් එහා පැත්තෙන් තියලා hand free එකත් කනේ ගහන් සිංදුවක් අහන ගමන් මන් බැලුවේ පොඩි උන්ගේ විකාර ඒ වගේම හුරතල් වැඩ දිහා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේක එහා පැත්තේ තියෙන්නෙ පල්ලියක්. මෙතන ඉන්නෙත් ඒ පල්ලියෙ ඉන්න sistersලමයි. මෙතන පොඩි ළමයි බලාගන්න තැනක්. දෙමව්පියන්ට ළමයි දාලා වැඩවලට එහෙම යන්න ඕනි නම් මෙතනට ඇරලවලා යන්න පුලුවන්. අද වගේ දවස්වලටනම් ගොඩක් අම්මලා තාත්තලත් ළමයි එක්කම මෙතනට එනවා. හුරු බුහුටි මේස පුටු තියෙලා තියෙන hall එකක් එක්ක ලස්සන park එකක්. Park එක අයින දිගට ඉවර වෙනකම් පෝළිමට වවලා තියෙන ගස්වල Cherry blossom හරි හරියට පිපිලා බිම වැටිලා තිබ්බේ ලස්සන රෙද්දක් එලලා වගේ. park එකේ walk street එක දිගට පිපිලා තියෙන අසලියා මල්වලින් ආපු සුවදට හිතේ තියෙන ප්‍රශ්න සේරම අමතක කරන්න පුලුවන්. වසන්ත කලයේ මැද හරිය නිසා පරිසරයේ තියෙන ලස්සන ගැන ඉතිම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මගෙ හිතේ තියෙන කලබලකාරී වගේම කරදරගතිය නිවාගන්න පුලුවන් හොදම තැන විදියට මන් තෝරගත්තෙ මෙතන. ලස්සන පරිසරය, හුරු බුහුටි ළමයි..... එයාලගෙ වැඩ.... මේව දිහා බලන් ඉද්දි මගෙ මූණේ හිනාවක් ඇදෙන්නේ ඉඹේමයි.
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
💗 RANDOM ENCOUNTER 💗 Chapter 01
Start from the beginning
