Character - මිධුනාථ

Start from the beginning
                                    

* තවත් විශේෂ දක්ෂතාවයක් තමා කැටපෝලයන් දුරට ගල් විදීම. බුහහාහා

* වචන අතින් නම් අන්තිමයි.. හරිම පටු වාග්කෝෂයක් තියෙන්නේ.. පාවිච්චි කරන්නේ සීමිත වචන ගණනක්.. කවි පටබදින්න තියා වාක්‍ය තුනක් කතා කරොත් වලිග පාගගන්නවා සාර්ථක විදියට... පොඩි එකෙකට උනත් කතා කරන්නේ හිතක් පපුවක් නැති සිලා පර්වතයක් වගේ.. .

අසිපත - රිදී,. කොපුව වටා කැරකුණු ලියවැලක් තිබුණා...... ඒක එක් පසෙකින් පමණක් අදින්න පුළුවන් සැහැල්ලු අසිපතක්.. දාරයන් තියුණුයි.. දෙපැත්ත කැපෙනවා..

පෙනුම -

[ හුස්මක් ගත්තා ]

* පෙනුම දරාගන්න බැරි තරම් කඩවසම්..

* රෞද්‍ර කඩවසම් ගතියක් තියේ.. ඒ කිව්වේ සන්සුන් , සෞම්‍ය , හුරතල් මේ එකක්වත් ගෑවිලා නෑ... ඇහි බැමි කැපී පෙනෙන තරම්ම ඝනයි. ඒ ඝන බව තවත් ඇස්වලට රෞද්‍ර පෙනුමක් තමා ගෙනාවේ...

* සම නම් පැහැපත්... වෛශව අසපුවේ සුග්‍රීවගෙන් පස්සේ පැහැපත්ම කෙනා මිධුනාථ .. ඒ දෙන්නා සැලකිය යුතු ලෙස රත්‍රන් - තළෙලු සමක් තිබුනේ.. මිධුනාථට නම්  ඒක අම්මාගෙන් ලැබුනේ.. අනුකිතා දේවිය ගොඩක් ලස්සන - පැහැපත්... ඒත් මහීධ නම් මිධුනාථ තරම් රත්‍රන් - තළෙලු පාටක් ගත්තේ නැහැ.. ඒකට මොකෝ එයාට වල ගැහෙන කම්මුල් නෑනේ.. හූ හූ.

* මිධුනාථ හිනා ගස්සනවා කියන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලවන්නවටත් වඩා අමාරු වැඩක්.. ඒත් කොල්ලා හිනාවෙනකොට...................
එයා හිනා වෙනකොට වම් පැත්තේ උඩ තියන නළදත ලස්සනට කැපිලා පේනවා.. හිනා වුනොත් පිස්සු වැටෙන සයිස් නිසා සුලෝධජ රෑල් එක අනුව එයා පිට තැන්වල හිනා වුනොත් '' නාථ අය්යණ්ඩි '' පදවියෙන් අයින් කරනවාලු..

* දෙතොල් ගත්තොත් නම් තරහා ගියාම සරල රේඛාවක් තරම් රේඛී්‍ය වෙන විදියට තද කර ගන්නවා.. එතකොට නළල රැලි ගැන්වෙනවා ඉබේම... ඇහිබැම එහෙම රෞද්‍ර විදියට හැදෙනවා.. දැක්කම බය හිතෙන විදියට..

* මූණට ගැළපෙන කැපිලා පේන කළුපාට ඇස් දෙකක් තිබුණා.. තරහා ගිය වෙලාවට නහර පේන තරමට රතු වෙන.. ආදරණීය වෙලාවට පොකුණක් වගේ ගැඹුරු වෙන [ මම නෙවේ මේ සුලෝ තමා කිව්වේ ]

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now