Chapter (10) [ ආගන්තුක සම්ප්‍රාප්තිය 🥀]

Start from the beginning
                                    

කුකියයි සේහියි ලිෆ්ට් එකේ එන ගමන් පොඩි කතාවක් දාගෙන ආවා..

" ආහ්හ්හ්..මොකක්ද වුනේ..? ඇයි නතර වුනේ..."

" ඉන්න කෝල් එකක් දීලා බලමු.."

" හෙලෝ.. මිස්ටර් ලී..? ලිෆ්ට් එක නතර වෙලා..මොකක්ද වුනේ.."

" සර් පොඩි power cut එකක්...පුළුවන් ඉක්මනට හදනවා ටිකක් ඉවසලා ඉන්න සර්.."

" ම්ම්ම් ඕකේ.."

" මොකක්ද ප්‍රශ්නේ ජන්ග්කුක්..? "

" power cut එකක්ලු..ටිකක් වෙලා යයි...ඔයා හොඳින්ද..? අවුලක් නෑනේ.."

" නෑ නෑ මං හොඳින්..."

ලිෆ්ට් එකේ එන අතරමග ලිෆ්ට් එක power cut එකක් නිසා නතර වෙනවා.කුකියයි සේහියි ඇතුලේ හිර වෙලා..

" ජන්ග්කුක්...! තව ගොඩක් වෙලා යයිද..? "

" ඔයාට අමාරුයිද..? සේහි...! "

දෙන්නා ලිෆ්ට් එක ඇතුලේ දැන් පැය බාගයක් විතර තිස්සෙ ඉදන් හිර වෙලා..ටික වෙලාවක් යද්දී ෆෝන් වල සිග්නල් වැඩ කරන්නෙත් නැහැ..ඒ අස්සෙ සේහිත් ටිකක් අමාරුවෙන්..

" මට හුස්ම ගන්න ටිකක් අමාරුයි වගේ...මොනවා හරි කරන්නකො ජන්ග්කුක්..."

" සේහි..! සේහි...? තව ටිකක් ඉවසලා ඉන්න බලන්න..ශිට් මුන් මොනවා කරනවද මන්දා..."

සේහි හුස්ම ගන්න අමාරුවෙන් ලිෆ්ට් එකේ ඉදගත්තා..කුකියත් හොඳටම බය වුනා සේහිව දැකලා.කුකිය සේහි ලඟින් ඉදගෙන සේහිව අල්ලගත්තා...

" සේහි...? සේහි...? ප්ලීස් තව ටිකක් ඉවසපන්..සේහි..? සේහි...! කතා කරපන්කො සේහි..? මොකක්ද වුනේ..? "

සේහිට ටිකක් අමාරුයි..සේහි හුස්ම ගන්නෙත් ගොඩක් අමාරුවෙන්.කුකියා සෑහෙන්න බය වුනා.කරන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වුනා..

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now