the hidden writer's love story

Start from the beginning
                                    

"" මන් පිස්සෙක් වගෙ යූජීව හෙවුවෙ.මන් ඔයාලගෙ ගෙදර පවා ගියා ..මං කැනඩා පවා ආවා..ඒත් මට ඔයාලාව හොයාගන්න බැරි වුනා..""" ටේ එදා සියා අතර වුන හැම දෙයක්ම යූ හල්ට කිවුවා...

  "" අපේ යූජී ටිකක් මුරන්ඩුයි..ඔයාලා දෙන්නටම තමයි  කතා කරලා වැරදි වැටහීම නැති කරගන්න වෙන්නෙ... ""

"" එයා මාව හම්බවෙන්න කැමති වෙයිද?""

""  එයා තව දවස් තුනකින් එනවා..මෙහෙට නෙවෙ ඉල්සාන් වල ගෙදරට..අපි කිවුවෙ අපි ඉල්සාන් වල ගෙදරට එනවා කියලා..company  එකේ හදිසි වැඩ වගයක් නිසා... ඒත් අපි මෙහෙට ආවා..යූජී මේ ගෙදරට එන්නත් එපා කිවුවා...අපි දෙන්නා මෙහෙට ආවෙ මෙහෙ ඉදන් company  වල වැඩට ලේසි නිසා.. එතකොටයි  ඔයා ආවෙ...
මං මේ දේවල් කිවුවෙ ටෙටේගෙ අප්පා ඔයා නිසා ඔයා මේවා දැනගන්න ඕනි කියලා..මං හිතුවෙ නැහැ ඔයා දන්නවා කියලා යූජී pregnant  කියලා...""

"" මට එයාගෙ report  වගයක් හම්බුනා..එකෙන් මන් දැනගත්තෙ..""

"" ආහ්.. අපි හිතුවෙ නෑ ඔයා යූජි එනකන් මෙහෙම බලං ඉදලා ඇති කියලා.. කලින් කිවුවොත් නම් යූජී ඔයාව හම්බ වෙන එකක් නැහැ..එයා එනකම්ම ඉදලා ඔයා කැමති නම් මුනගැහිලා කතා කරන්න..""

"" මට එයාව හම්බෙන්න ඕනි යූ හ.ල්.. අනේ කරුනාකරලා"" ටේ යූ හල්ගෙ අත අල්ලගෙ කිවුවෙ ආයාචනාත්මකව..""මං අවුරුදු දෙකක් බලං හිටියා යූ හල්.මගෙ බබා දුවෙක්ද පුතෙක්දවත් නොදැන..මං මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නෙ කවදහරි එයාව එකම එක පාරක් හරි මට බලන්න පුලුවන් වෙයි කියලා තිබුනු බලාපොරොත්තු ව නිසා...""

"" ඔයාට එයාව බලන්න ඕනිද?""

"" ඔව්ව්..🥺🥺🥺 ""  ටේට ඕනි වුනේ ටෙටේව 4ටෝ එකකින් හරි බලන්න.ටේ මෙච්චර කාලයක් හිතින් මවාගත්තු රූපෙ ඒ වගේද කියලා ටේට බලන්න තිබුනෙ පුදුම හදිස්සියක්...

"" බබා...ටෙටේව එක්කන් එන්න පොඩ්ඩක්""

"" මොකක් ටෙටේ??"" එතකොට එයා මෙහෙද.ඒ ගෑනු කෙනා අතේ හිටියෙ මගේ පුතාද....ටේ යූ හල් දිහා බලාගෙන ඇස් වලින් වගෙ ඇහුවෙ ඒක ඇත්තක්ද කියලා..

"" ඔව්..ටෙටේ අපි එක්ක ආවා..යූජී තව දවස් තුනකින් එන නිසා අපි ටෙටේව එක්කන් ආවා..යූජීටත් වඩා එයා අපේ වයිෆ් එක්ක එකතුයි.""  යූ හල්ගෙ වයිෆ් ටෙටේවත් වඩාගෙන යූහල් ගාවට ආවෙ කතාව ඔක්කොම අහන් ඉදලා වගෙ...

seven notesWhere stories live. Discover now