The hidden writer's love story

Start from the beginning
                                    

""මොනවා..තමුසෙ බොරු නේද කියන්නෙ.මට ඇතුලට යන්න දෙනවා එකම එක පාරක්..එකම එක පාරයි මට යන්න දෙනවා.. "" ටේ එතන කතා කරපු ගාඩ්ගෙ අතින් අල්ලගෙන ඇතුලට යන්න පොරකද්දි ජිමින් ටේව බලෙන්ම ඇදගෙන ආවෙ ගාඩ් පොලිසියට කතා කරලා පැමිනිලි කරපු නිසා..

"" කලබල වෙලා බෑනෙ බන්.. එයාලා ඇත්තටම ගිහිං නම් අපි එහෙට ගිහිං හරි හොයමු ..මං උබ එක්ක ඉන්නවා "" ජිමින් ටේගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිවුවෙ කිසිම හැගීමක් නැතුව කාර් එකෙන් එලිය බලං යන ටේ දිහා බලලා..ජිමින් බය වුනා ටේ කලින් තත්වෙටම ආපහු වැටෙයි කියලා.. යූජී ටේට ලං වෙනකොට ටේ සියාගෙ මතක අමතක කරලා ටේ ආපහු සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගත්ත නිසා ජිමින් හිටියෙ හුගක් සතුටින්....

""එයාලා ඇත්තටම ගිහිං බන්..එත් ඉන්න පලාතක් මුකුත් දන්නෑ බන්"" ජිමින් රෝසිගෙන් දැනගත්තු විස්තර ටේට කිවුවා...

ටේ කොච්චර හෙවුවත් ටේට යූජිගෙ සේයාවක්වත් ආපහු හොයාගන්න බැරි වුනා.... සමහරවිට එදා සියා එක්ක කතා නොකර හියානම් සියා එක්ක ඒ ගමන නොගිහින් හිටියානම් යූජී විතරක් නෙවෙ ටේගෙ බබත් අද ටේ ගාව..ඒකට දඩුවමද යූජී ටේට දුන්නෙ.😣"" හැමදේම  නැතිකරගත්තෙ මන්මයි"" .ඒත් ඒකට මේ තරම්  ලොකු දඩුවමක් නම් වැඩි නැද්ද යූ ජී... ....

යූජි නොදැක අදට අවුරුදු දෙකක් ගත වෙලත් ඉවරයි.. යුජී නිසා යන්තන් පන ගැහෙන්න ගත්තු ටේගෙ ජීවිතේ ආපහු පරන තත්වෙටම වැටුනා..ජිමින් කොච්චර ටේගෙ හිත හදන්න උත්සහ කලත් ඒ කිසිම දෙයක් හරි ගියේ නැහැ...ටේ  යූජී ආසම රෝස මල් පොකුරකුත් අරන් පුරුදු park එකටම ගිහින් හැමදාම මග බලං හිටියා...අගුලු දාලා පාලුවට ගියපු ගෙදර දිහා කොච්චර බලං හිටියත් ටේට ඇති වුනේ නැහැ..දකින දකින වාරයක් පාසා ටේට මතක් වුනේ ටේගෙ දරුවව....එදා ටේගෙ අතට හම්බුන යූජීගෙ pregnant report ටේ හැම රෑකම අරගෙන බැලුවා.."" ඔයා මගෙ දරුවව පරිස්සමට බලාගන්නවා ඇති නේද යූජී..එයා  දුවෙක්ද,පුතෙක්ද කියලවත් දැනගන්න මට වාසනාවක් නැහැ..එයා දැන් හුගක් ලොකු ඇති නේද යූජී..🥺🥺🥺..""  ටේ ඒ කොල කෑලි ටික දිහා බලං තමන්ගෙ රුපෙයි යූජීගෙ රුපෙයි එකතු කරලා එයා මේ වගෙ වෙන්නැති කියලා දරුවගෙ  එක එක රෑප හිතින් මවාගත්තා..ටේ දැනගත්තා යූජී කවදාවත් දරුවව නැති කරන්නෙ නෑ කියලා..ඒ ලගින් හිටපු කාලෙ ටේ යූජී මොන වගේ කෙනෙක්ද කියලා හොදටම අදුරගත්තු නිසා..

seven notesWhere stories live. Discover now