The hidden writer's love story

Start from the beginning
                                    

යූ ජීත් මවාගත්තු හිනාවකින් ටේට සංග්‍රහ කරද්දි  රෝසි කටත් බාගෙට ඇරගෙන ගෙනාපු agreement  files ටිකත් තුරුල් කරන්  වෙන දේවල් හිතාගන්න බැරුව මාරුවෙන් මාරුවට ටේ දිහයි යූ ජී දිහයි බල බල හිටියා...

"" මං කැමති ඔයාලත් එක්ක දිගටම වැඩ කරන්න..ඒ වගේම මන් හිතන්නෙ මං හැංගිලා හිටියා ඇති..මගේ fans ලා ඉස්සරහටත් මං ගියොත් හොදයි කියලා මං හිතනවා..""

""ඒක බොහොම හොද තීරනයක් මිස්ට ටේ..company  එකෙන් මොන දේ මොන තත්වෙකදි වුනත් ඔයාගෙ පැත්ත අරන් ඔයාව ආරක්ශා කරනවා කියලා පොරොන්දු වෙනවා..ඔයාට company  එකෙන් කෙරෙන්න ඕනි දේවල් අපිට කියන්න මිස්ට ටේ""

""මන්  හිතුවෙ fan sign meeting එකක් තියන්න..මං හිතන විදිහට ඒක තමයි මට fans ලා අතරට යන්න පුලුවන් හොදම විදිහ.""

"" අනිවාරෙන් මිස්ට ටේ ..අපි event  එක company  එක හරහා organize කරන්නම්..ඒ වගේම ඔයා දැන් පෙනී හිටපු නිසා අපිට agreement  ටිකත් අලුත් කරන්න වෙයි.මොකද ඔයාගෙ යාලුව ජිමින් company  එකෙන් අස් වුනා ඊයෙ..ඉතිම් එයා හරහා තව දුරටත් company  එකත් එක්ක සම්බන්ද වෙන එකේ තේරුමක් නැහැනේ..""

"" ඔව්.. මට ඉක්මනින්ම  fan meeting  එකෙ වැඩ ටිකත් කරෙන්න ඕනි ""

"" රෝසි ඔය agreement  ටික දෙන්න ""

"" හරි මැඩම්..මන් කිවුවෙ නෑ..මේ.. යූ ජී ""

යූ ජී රෝසිට රැවුවෙ 😑 වැඩෙ අල වුනාවත්ද කියලා හිතන ගමන්මයි..ඒත් ටේට ඒ ගැන එච්චරම හිතුනෙ නැහැ..

ටේ ගේ fan meeting  එක නිසා යූ ජී ටේයි නිතරම මුන ගැහුනා..ඒක නිසා දෙන්නා අතර ලොකූ යාලුකමක් ඇතිවුනා.. යූජීත් ටේ ගෙ විදිහමයි.පොත් පිස්සියක්...නිතරම මොනවහරිම වැඩක් අවුල් කරගෙන පිස්සු නටන යූ ජී නිසා ටේගෙ දවස් ගෙවුනෙ හිනාවෙන් පිරිලා.ටේට දැනුනෙ ටේ ගෙ හිතේ පැලපදියම් වෙලා තිබ්බ පාලු ගති ටික ටික නැති වෙනවා වගෙ..ටේ වැඩක් නොතිබුනත් යූජී එක්ක පාර්ක් එකෙ හරි කතා කර ඉන්න එක පුරුද්දක් කර ගත්තා....

යූ ජී ට නම් ටේව දැනුනෙ ටිකක් තද ගති ගුන තියන කෙනෙක් වගේ... ටේගේ fan meeting  එකේ වැඩත් හොදටම කෙරුනා fan meeting  එකෙන් පස්සෙ ටේගෙ ප්‍රසිද්දිය වැඩි වුනා.. ටේගෙ පරන අදුරු මතක හෙමින් හෙමින් අයින් කරලා ටේ අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සහ කරා.

seven notesWhere stories live. Discover now