යාලුවන්ගෙන් ප්‍රශ්න වැලයි.ඒත් දෙන්නටම කිසිම උත්තරයක් තිබුනේ නැහැ දෙන්න.

" එහෙම දෙයක් නෑ බන්...මගෙ ඇඟට ටිකක් හරි මදි...සීතල වැඩි නිසා වෙන්න ඇති..."

" ඕ හෝ...එතකොට ටේ කොල්ල මූඩ් ගහල ඉන්නේ උබේ ඇඟට හරි මදි නිසා වෙන්න ඕනේ...හරි හරි..."

කුකී එයාගේ ඇඟට හරි නෑ කියලා කියද්දි යාලුවෝ කින්ඩියට වගේ හිනා වෙන ගමන් එහෙම කිව්වා.

අද දවසත් හෙමින් ගෙවීගෙන යනවා.යාලුවෝ එක්ක විනෝද වුන නිසා දැනුනේ නෑ රෑ වෙලා කියලා.අද රෑත් ඊයේ වගෙමයි.කට්ටිය පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන්...අද කුකී නම් මොකුත්ම ගත්තේ නෑ.වෙරි වෙලා අදත් වගකීමක් ගන්න බෑ කියලා නොබී හිටියා...😅 ටික වෙලාවක් යද්දී කුකී,,,

"මං වොශ් රූම් එකට ගිහින් එන්නම්..."

යාලුවන්ට මෙහෙම කියලා ටේගෙ මූන දිහත් බලන ගමන් ටේට ඇස් වලින් පොඩි ඉඟියක් දීලා එතනින් රූම් එක ඇතුලට ආවා...ටේට ඉඟිය තේරුනා...විනාඩියක් විතර ඉදලා ටේත් ශේප් එකේ රූම් එකට ගියා...

කුකී ඇඳේ ඉදගෙන ටේ එනකම් බලාගෙන හිටියේ.ටේ රූම් එකට ආවා විතරයි කුකී ටක්ගාලා එතනින් නැඟිටලා ගිහින් දොර වැහුවා..පස්සේ කුකි ටේට ඉඳගන්න කියලා එතනින්ම හිටගෙන ඉනට අත් දෙකත් තියන් ටේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා ටේගේ ලඟින්ම ඉදගත්තා..කුකී ටික වෙලාවක් ඔලුව පහත් කරන් අත් දෙකත් ඔලුවෙ ගහගෙන කල්පනා කලා.ටේත් කිසිම වචනයක් කිව්වේ නෑ.. එක පාරටම ලොකු හුස්මක් ගන්න ගමන් ඔලුව උස්සපු කුකී කෙලින්ම ටේ දිහා බලලා මෙහෙම කිව්වා...

" ඊයේ වුන දේ.... ඒක අමතක කරන්න.ඒ දේ වුනේ මම බීලා හිටිය නිසයි... "

" අමතක කරන්න..? කොහොමද අමතක කරන්න කියන්නේ... උබට කරන්නයි මං අමතක කරන්නයි.."

" උබ හරියට කතා කරන්නේ මං විතරක් වැරැද්ද කලා වගෙනෙ...උබට අකමැති නම් කියන්න තිබ්බා එපා කියලා.. අනික මම කිස් එකෙන් නැවැත්තුවා. උබයි ආයෙමත් ඇදලා ගත්තේ..."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now