the hidden writer's love story -- part -01

Start from the beginning
                                    

වාඩි වෙලා හිටපු කෙනාට නම් යූ ජී ආවා කියලා ගානක් වත් තිබුන්නෑ කියලා යූ ජීට දැනුනා..බලාගත්තු අත ඔහේ බලාගෙන එයා හිටියෙ එයාගෙම කල්පනා ලෝකෙක..වැස්ස හිරි පොදෙන් පටන් අරන් ටික ටික සැර වෙන්න ගත්තා..වැස්ස බලන්න කියලා ආවත් කෙල්ලගෙ ඔලුවෙ වැඩ කරේ එහායින් වාඩි වෙලා හිටපු කෙනා...

වැස්ස කොච්චර සැර උනත් එයාට නම් ගානක් තිබ්බෙ නෑ..අඩුතරමෙ වහිනවද කියලවත් එයා දන්නෙ නැති ගානයි වගෙ.එයා ගාව තිබ්බ නිවිච්ච පාට කෝෆී කෝප්ප දෙකයි buckwheat මල් මිටියයි ඔහේ වැස්සට තෙමෙන්න ගත්තා ..වැහි බින්දු වල සැරට buckwheat මල් වල තිබ්බ චූටි මල් පෙති ගැලවිලා හේදීලා ගියේ යූ ජීගේ හිතේ අමුතු හැගීමක් ඇති කරන ගමන්මයි..

වැහි බින්දු වල සැරට buckwheat මල් වල තිබ්බ චූටි මල් පෙති ගැලවිලා හේදීලා ගියේ යූ ජීගේ හිතේ අමුතු හැගීමක් ඇති කරන ගමන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Buckwheat flowers..❤️

එයා මොන වගේද කියලා බලාගන්න යූ ජීට උවමනාවක් තිබ්බත් එයා හිටියේ මූන බිමට හරවගෙනමයි..වැහි බින්දු ඒ කොන්ඩෙ දිගේ බේරිලා පහලට වැටුනා..අඩුතරමෙ එයා හුස්ම ගන්නවද නැද්ද කියලවත් යූ ජීට පෙනුනෙ නෑ..වැස්සත් ටිකෙන් ටික සැර වෙන්න ගත්තා..

කෙල්ල හෙමින් හෙමින් ඒ මනුස්සයා දිහාවට අඩිය තියන්න පටන් ගත්තා... එයා ගාවට යන්න හිතුනු හේතුවක් යූ ජීටවත් තේරුනෙ නෑ...ඒ කුතුහලේද?????? මේ මනුස්සයට මොනා වෙලාද කියලා තිබ්බ බයද???

"" අජුස්සි ඔයා තෙමෙනවා..ඔහොම තෙමුනොත් ලෙඩ වෙයි"" කෙල්ල ඒ මනුස්සයාටත් එක්ක කුඩේ ඉහිලුවෙ එයාගෙ පැත්තකින් හිට ගෙනමයි...තත්පරයක් දෙකක් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ... "" අජුස්සි"" යූ ජී ආපහු කතා කලේ සැකෙන්....

එයා කොන්ඩෙ අතින් පිටිපස්සට කරලා මුනේ බේරුන වතුරත් අතින් පිහිදාන ගමන් යූ ජී දිහා එක පාරට හැරිලා බැලුවා..කෙල්ල අඩි දෙකක් පස්සට යැවුනේ ඉබේමයි..ඒ ඇස් රතුම රතු පාටයි...ඒ රතු ඇස් වලින් යූ ජී දිහා බැලුවෙ පුදුම තරහකින්..කෙල්ල ඒ බැල්මට ගැස්සිලා ගියා..එයාගෙ මුලු මූනම රතු වෙලා..අඩලවත්ද?

seven notesWhere stories live. Discover now