.
#Taehyung pov
කාලෙකින් කොහෙවත් ගියේ නෑ. දවසෙම ප්‍රැක්ටිස්🥺 කාලෙකින් නිවාඩුවක් හම්බවුනේ අද. ගෙදරම ඉඳලා කම්මැලියි. කොහෙහරි යන්නමයි හිතෙන්නෙ. Hyung ලාට කිව්වට එයාලත් කොහෙවත් යන්න බෑ කිව්වා. ගෙදරින් පනින ක්‍රමයක් ගැන ටිකක් හිතද්දි මට පොඩි අදහසක් ආවා😁. Hyung කෙනෙක්ට අහු වුනොත් නම් මාව පණපිටින් වලදාවි😐. මට ඉතින් තනියම යන්නත් බෑනෙ. ඒ නිසා මන් මගේ අපාය සහායක පාපී මිත්‍රයාට මගේ අදහස කියන්න ගියා😁
Me : අඩෝ ජිමිනා තෝ කොහෙද 🧐
Jimin : මොකෝ පිටසක්වලයෝ මේ උදේ පාන්දර කෑ ගහන්නෙ. මට ටිකක් නිදාගන්න දීපිය.
Me : යා වල් කොටා මට ඔය නම ආයෙත් කියන්න එපා.
Jimin : මේක අසාධාරණයි. මන් කොට නෑ. Yoongi Hyung ට වඩා මම උසයි. එයාට කොටා කියන්නකො මට කියන්නෙ.🤧
Me : උබනෙ පටන්ගත්තෙ😁
කියන්නත් සතුටුයි කියලා කට ගන්න උනේ නෑ Jimin මට ගහන්න පැන්නා. මාත් නිකන් හිටියෙ නෑ ඌ ගහන්නත් කලින් මන් ගැහුවා 😁
Few minutes later
දැන් අපි හිටපු තැන තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් අරන් වගේ හරිම ලස්සනයි 😂 හරියටම කිව්වොත් ඇදේ තිබුනු බෙඩ්ශීට් ඇඳ යට, මේස පුටු පෙරලිලා, කොට්ට ඉරිලා, මල්වාස් ෆොටෝස් කුඩු වෙලා, පොත් සීසී කඩ වැටිලා, ඒ මදිවට මන් මේසෙ උඩ 😂 ඒ සද්දෙ ඇහිලා එතනට Namjoon Hyung ඇවිත්. අපි දෙන්න ඒ දැක්කෙත් නෑ. අපි දැක්කෙ නැති නිසාද කොහෙද Namjoon Hyung කෑ ගැහුවා.
Namjoon : යා...😤 තමුන්ලා දෙන්නා ඕක අද නවත්තගන්නවද නැද්ද
ඒ කෑගහපු විදියට අපි දෙන්නාම බය වෙලා hyung දිහා බලන් හිටියා. Hyung අපි දෙන්නට එකසිය ගානට රවාගෙන කාමරෙන් එළියට ගියා. Namjoon Hyung ඒක කියපු විදියට තේරුනා අපිට මේක අස් කරන්නැතුව අද බේරෙන්න හම්බවෙන්නෙ නෑ කියලා. ඒක නිසා අපි දෙන්නා සද්ද නැතුව room එක අස් කරන්න පටන් ගත්තා
Jimin : ඒයි Tae. මොකටෙයි උදේ පාන්දර ආවෙ.
Me : ඒ බන් ගෙදර ඉදලා කම්මැලි නැද්ද😐 අපි university එකේ වැඩකට කියලා hyung ලට කියලා කොහෙහරි යන්කො. අද විතරයි නිවාඩු.
Jimin : උබේ ඔය පුස්කාපු මොලෙන් වැදගත් දෙයක් කිව්වමද කොහෙද 😂
Me : යා උබව තව අගල් දෙකක් වෙන්න ගහන්න හිතෙනවා😤
Jimin : 😁 හරි හරි ඉතින් දැන් කොහෙද යන්නෙ
Me : කොහෙ හරි යන්. වරෙන් ලේස්ති වෙලා.
අපි දෙන්නා සාර්ථක අයුරින් හදාගත්තු බොරුව jin hyung ට කියලා ගෙදරින් පැනගත්තා😁
YOU ARE READING
Don't leave me alone ❤
Teen Fictionමාව තනි කරන්න එපා hyung 🥺 -Tae- මගේ නංගිව හොඳට බලාගනින් බන්🥺 මට උබව විශ්වාස නිසයි එයාව උබට බාරදෙන්නෙ 🥺 - jhope - මම ආයෙ එයාගෙ ඇස් වලින් කඳුලක් වැටෙන්න ඉඩ දෙන්නෙ නෑ. මම එයාව හොදට බලාගන්නවා ඔප්පා 😊 ...
