"මෙහෙ ඉන්න එකම තමයි ගොඩාක්ම දුක. මෙහෙ ඉදලත් එයාව මට නැති වුණොත්" සෞම්යා දුකෙන් කිව්වා
"නවත්ත ගනින්කෝ ඔය ඇඩිල්ල. මේ ඔක්කෝම අපි කරන්නෙ ඔයා වෙනුවෙන් ඒත් උඹ දාගෙන අඩනවා. හිනා වෙයන්කෝ දැන්වත්" පබා කෑ ගැහුවා."හරි හරි බං" සෞම්යාට හිනා.
"අන්න ඔහොම හිටුකො බලපන් ලස්සන" සද් කිව්වා.
" ඔව් ඔව් මාර ලස්සනයි😂මට බඩගිනි යකූ"චතුවා කෑ ගැහුවා.
"දැන්නෙ බං ආවෙ මහන්සි නැද්ද? " සමිදි ඇද බදාගෙන කිව්වා.
" උඹ බැලුවත් නිදිනෙ බං නැගිටපන්. මං යනවා කන්න" චතුවා යන්න ලෑස්තු වුණා.
" පාරක්වත් දන්නෙ නැතුව කොහෙද බං යන්නේ" සද් හිනා වුණා.
" අඩෝ මේ ලංකාව නෙවෙයිනෙ මට අමතක වුණා" චතුවා smile in pain😂
"හරි හරි අපි යමු" සද් හිනා වෙලා කියලා කෙල්ලො ටිකත් එක්ක එලියට ගිහින් කාලා ගෙදර ආවා.
මෙයාලා කොරියා ගියේ එහෙ Job ටිකකුත් හොයාගෙන. හැමෝම එකම තැන. ඉතින් ඊලග දවසෙ හැමෝම වැඩට යන්න ලෑස්ති වුණා.
"මෙතන තමයි අපි අද ඉදන් වැඩ කරන්නේ" office එක ලගට ආවාම සෞම්යා කිව්වා. දැන් ඉතින් මෙයාලා ජොබ් එකත් කරගෙන ටික දවසක් හිටියා.
එක දවසක් News එකක් ගියා BTS consert එකක් තියෙනවා කියලා. මෙයාලත් බලන් හිටියෙ ඒකටනේ. ඉතින් එයාලා එකතු කරපු සල්ලි වලින් ටිකට් අරන් කොන්සර්ට් එකට යන්න ලෑස්ති වුණා.
"මේ බං ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා තියපන් කෝකටත් කියලා. මේ සෞම්යාට මොනා වෙයිද දන්නෙ නෑනේ" චතුවා එහෙම කිව්වම හැමෝම හිනා වුණා.
"අනේ පාඩුවෙ හිටු" සෞම්යා අතේ තිබ්බ බෑග් එකෙන් චතූට ගැහුවා.
"යමු ලමායි..." එහෙම කියලා සද් කියද්දි ඔක්කොමලා යන්න ලෑස්ති වුණා.
හැමෝම කොන්සර්ට් එක තියෙන තැනට ගිහින් පටන් ගන්නකම් හිටියා. සෞම්යා නොර්මල් වගේ හිටියට මේකි හිතා ගන්න බැරි තරම් සතුටින් ඉන්නේ.
ඔන්න ඒක පටන් ගත්තා. එක පාරට කුකීව දැක්ක ගමන් සෞම්යා අඩන්න ගත්තා. ඒත් එතන ගොඩා....... ක් කට්ටිය හිටියා. හරිම ලස්සනයි."අඩන්න එපා බං" සද් සෞම්යාට කිව්වා.
"මං හිතුවටත් වඩා එයා..... අනේ මට පිස්සු වගේ🥺" සෞම්යා කුකීගෙ දිහාම බලන් හිටියා.
මෙහෙම කොන්සර්ට් එකේ සිංදු කියලා, නටලා, කෑ ගහලා අන්තිමට කොන්සර්ට් එක ඉවර වුණා.
"අනේ කුකී යන්න එපා🥺💔" සෞම්යා එතන ඉදන් ඇඩුවත් කුකී දැක්කෙ නෑ.
" සෞම්යා මේකයි ඔයාට තව suprice එකක් තියෙනවා"සමිදි කිව්වා.
" ඒ මොකක්ද?"
____________________________________
Hi guys,
Suprice එක මොකක් වෙන්න ඇතිද🤔කියන් යන්න එහෙනම්👀
Please Vote And Comment 🥰💜
YOU ARE READING
🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)
Romance⭕Do Not Copy⭕ "මට එයාව දැක්කම ආත්ම ගානක හැගීමක් දැනෙනවා.." සංගීතය ජීවිතය කරගත් ගායකයෙක්..... ඔහුගේ රසිකාවියක් වූ ඇය...... ඇය ඔහු හමුවන තුරු බලාසිටී ඒ ආදරය ඔහු හා කීමට.... ඒත් ඒ ආදරේට සිදුවූ බාධාවක්.... අවසානය වෙනකම් ඇයට ඇයගේ ආදරේ සගවාගෙන සිටීමට සිද...