11th Chapter ✌️

Start from the beginning
                                    

අප්පා දැන් වෙනස් වෙලා තමයි.. ඒත් එයා වෙනස් වුනාට එයා ඉතිරි කරපු අදුරු මතක සටහන් නිසා මං තවමත් කලුවරේ ජීවත් වෙනවා.. මං මගේ යටි හිතත් එක්ක දවස ගානේ යුද්ද කරනවා.. ඒ ජීවත් වෙන්න ඕනේ නිසා..

( ළමයි ඩීප්‍රෙශන් කියන්නේ එකේ දරුණුම තත්වේ මරනය.. ඒ කෙනා හිතයි ඔලුවයි එක්ක සටන් කරනවා වගේ දෙයක් තමයි වෙන්නේ. එහෙම වුනාම එයා විසින්ම මරණය හොයාගෙන යන අවස්ථා බහුලයි. ඉතින් එහෙම කෙනෙක් ගැන අපිට සැහැල්ලුවෙන් හිතන්න බෑ.. දැන් හිනා වෙලා සතුටෙන් ඉන්න කෙනෙක් ඊළග තත්පරේ ජීවිතේ නැති කර ගන්න හිතන්න පුලුවන් )

මේ ජරා ලෙඩේ නිසා මට නින්දක් නෑ.. හරියට කන්න හිතෙන් නෑ...ඒත් සමහර වෙලාවට මැරුනා වගේ නින්ද යනවා.. මගේ ජීවිතේම දැන් බෙහෙත් වලට හුරු වෙලා.. දවස ගානේ ගන්න බෙහෙත් අහුරු මට දැන් ඇති වෙලා..
මානසිකව පීඩා විදින එක මේ ලෝකේ මරණෙට වඩා අන්ත දෙයක්.. 😔  ... මින්හා.. ඔව් එයා එක්ක ඉද්දී මට මේ ප්‍රශ්න ටිකක් හරි අමතක වෙනවා.. ඒත් එයත් මට පේන්නම බැරි එකෙක්ගේ යාලුවා කියලා මතක් වෙද්දී මාව තවත් තරහා ඇවිස්සෙනවා. ඒත් මට ඒ කෙල්ලව ඕනේ.. මං අපේ අප්පා වගේ කෙල්ලෝ පස්සේ ගියේ නෑ.. මට පළවෙනි පාර හිත ගියේ මින්හාට... මට මගේ ජීවිතේ කෙල්ලෝ ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නෑ.. හැම කෙල්ලම මගේ වටේ ඇවිත් එතුනත් මාව සාමාන්‍ය කොල්ලෙක් විදිහට දැක්ක මින්හාට මගේ හිත ගියා.. හැමදාම කටපුරා හිනා වෙලා සොම්බේ  කියද්දී ඇත්තටම මං කවුද කියන එකත් මට අමතක වෙනවා.. මං හිතන්නේ මින්හාව මගේ කර ගන්න එක වරදක් නෙවේ.. ඒ වෙනුවෙන් මං ඕන දෙයක් කරනවා.. මගේ ගමනට බාදාවන ඕන කෙනෙක්ව මං අයින් කරනවා.. ඒ කෙනා කවුරු වුනත් මට වැඩක් නැ... යුංගී වුනත්.. 🤨 එයා මින්හාගේ යාලුවද එයාට ඉන්න එකම පවුලද කියන එක මට වැඩක් නෑ.. මට ඕන දේ මං ලබා ගන්නවා..

Hobi Pov End....

📲📲📲📲📲

හෝබීගේ phone එකට මින්හාගෙන් ආව කෝල් එක නිසා හෝබීගේ කල්පනා ලෝකේ බිදුනා..

📞 " ඕ.. මින්හායා.. තවම නිදි නැත්ද? "

📞 " ම්ම්.. මං පාඩම් කර කර හිටියේ... සොම්බේ  තවම නිදි නැත්ද? "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now