" හ්‍යුන්ලා.."

" ඇයි ටේ..?"

" මට සමාවෙන්න හ්‍යුන්ලා.. මන් අතින් ආපහු ඒ වගේ දෙයක් වෙන්නෙ නෑ.. මන් අහින්සගෙනුත් සමාව ගන්නම්.."

" ටේ හ්‍යුන්.."

" මියන්හේ ජින් හ්‍යුන්.. මන් මීට වඩා ශක්තිමත් වෙන්න ඕනි.. මට ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙයි ඉස්සරහට.. මන් දන්නවා.. මන් මෙහෙම වැටිලා හරි යන්නෙ නෑ.. මන් අනිවාරෙන් මීට පස්සෙ කල්පනා කරලා වැඩ කරන්නම් හ්‍යුන්.."

" එහෙම කරන්න ඕනි ටේ ඔයා.. ඔයා කලිනුත් වැටුනා වගේ දැන් ආපහු වැටෙන්න බෑ.. ඒ වැටුන වෙලේ ඔයා ආපහු නැගිට්ටෙ කොහොමද ඊට වඩා ශක්තිමත් විදිහට මේ පාර නැගිටින්න ඕනි.." ජුන් හ්‍යුන් ටේ හ්‍යුන්ට ඒම කිව්වෙ ගොඩක් සැලකිල්ලෙන්.

" මට තේරෙනවා හ්‍යුන්.."

" ඔයාට පුලුවන් ටේ.. ඔයා දැන් පොඩි එකෙක් නෙවේ.."

" හ්ම්.. අහින්සා අද office එයිද හ්‍යුන්..?"

" අපි බලමු.. එයා නෑවිත් ඉන්න විදිහක් නෑ.. මොකද එයා මෙහෙන් ගියා නෙවේ. ඊයෙ රෑ එයාට hospital එකෙන් කතා කලා.."

" ඔව්.. තාමත් එන්න නැතුව ඇත්තෙ වැඩ ඉවර නැතුව ඇති.. අනේ මන්දා.. එයා ගොඩක් මහන්සි වෙනා කියලා මට නම් හිතෙන්නෙ.."

" ඒක ඇත්ත.. මොනා හරි කමක් නෑ දැන්.. දෙන්නම එකම විදිහට මහන්සි වෙනවනේ.. ඒක නිසා දැනගෙන හිත් රිදව ගන්නෙ නැතුව ප්‍රශ්න තියනව නම් කතා කරලා විසද ගන්න.."

" ඔව්.. අනිත් එක අපි කොච්චර ලගින් හිටියත් ඔයාලගෙ ප්‍රශ්න වල මැදිහත් වෙන්න අපිට බෑ.. මොකද දැන් ඔයාලා දෙන්නා වෙනම දෙන්නෙක්. ඔයාලගෙ ප්‍රශ්න ඔයාලම කතා කරලා විසද ගන්න ඕනි.. නැත්නම් ඔයා හැමදාම පරදිනවා.."

" ඒක ඇත්ත ජුන්.."

" හරි හරි ඒනම්... දැන් ඉක්මන් කරලා කන්න.. අපිට අද ඊයෙට වඩා වැඩ ගොඩක් තියනවා.. ඊයෙ හවස ඉතුරු වුන ටිකත් එහෙමමයි.."

~~~~~~~~~~

" ජිමිනි හ්‍යුන්.. මට පොඩ්ඩක් කතා කරන්න ඕනි.."

" එන්න කුකී.. "

කට්ටියම office යන්න ලෑස්ති වෙලා ඉවර වුනත් driver එන්න තව විනාඩි 15ත් යයි කියලා මැසේජ් එකක් ලැබුනු නිසා ජිමින් කාමරේට ආවා. කුකිත් ඒ පස්සෙන් ආවෙ ජිමින්ට කතා කරන්න ඕනි වුන නිසා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now