" ම්ම්.."

🐰" මේ කතාවේ අවසානය ගැන මං කයන්න දන්නෑ. ඒ වුණත් අනිවාර්යෙන් මේ කතාවෙ මැදදී ඔයා මේ ගත්ත තීරනේ ගැන ඔයාට අනිවාර්යෙන් පසුතැවෙන්න වෙනවා.."

" ඒ කියන්නේ මං හරි.."

" ඔව්.. ඔයා හරි.. ඔයා එහෙම වෙනවා කියලා දැනගෙනමනෙ මේ තීරනේ ගත්තේ.."

" හ්ම්.."

" කමක් නෑ. දැන් කරන්න දෙයක් නෑ. ඒ නිසා දැනට ඔයා වර්තමානෙට මුන දෙන්න.. ඉස්සරහට වෙන දේවල් ගැන ඒ වෙලාවට අපි බලමු.."

" ම්ම්.."

" තව දෙයක්.. ජිමිනි හ්‍යුන් ඇවිත් ඔයාට කියපු දේවල් ගැන මම දන්නවා.. කවමදාවත් ඔයා එයාට වෛර කරන්න එපා.. එයා ගත්තේ එයාගේ හොඳම හොඳම යාළුවාගේ පැත්ත. ඒ කියන්නේ ඒ වෙලාවේ එයාට කරන්න තිබ්බ හොඳම දේ.."

" දන්නවා කුකී.. මං කවමදාවත් ජිමිනි ඔප්පට වෛර කරන්නේ නෑ.. ඔයාටත් මට මොනා හරි දෙයක් වුණොත් මගේ පැත්ත ගන්න බෑ. මොකද ඒ ඔයාගෙ හ්‍යුන්. අපි හොඳම යාළුවො වුනත් අපි හම්බ උනේ පස්සෙ. කමක් නෑ. මාත් එක්ක අනු ඉදියිනෙ.."

" ඔයාට එම කියන්න අයිතියක් නැහැ අහි.. හොඳට මතක තියාගන්න. ඔයා මේ ගත්ත තීරණය නිසා ඔයාට පසුතැවෙන්න වුනොත්, ඒ ටේ හ්‍යුන් නිසා වුනොත් කවමදාවත් මන් එයාට නම් සමාවක් දෙන්නේ නැහැ.."

" ඇයි ඔයා එහෙම කියන්නෙ.. ඔයාට ඒ විදිහට මගෙ පැත්ත ගන්න කිසිම අයිතියක් නෑ කුකී.."

" තියෙනවා.. ජිමිනි හ්‍යුන්ට පවා ඒ අයිතිය තියෙනවා. ඒ උනාට ඒ වෙලාවෙදි වුනේ ඒ අයිතියට වඩා එයාගෙ හොදම යාලුකම මතු වුන එක. එයා හරි.. ඒ වුන දේත් ඇත්ත.. මං එතන හිටියා නම් මාත් කරන්නේ ඒකමයි .."

" එහෙනම් ඇයි ඔයා මෙහෙම කියන්නේ.. මගේ පැත්ත ගන්නවා කියලා.."

" මොකද මං දන්නවා අනිවාරයෙන් හ්‍යුන්ගෙන් ඔයාට අසාධාරණයක් වෙනවා කියලා.."

" කුකී..!!"

" ඔයා මේ හැම දෙයක් ගැනම දන්නෑ අහි.. ටේ හ්‍යුන් කියන්නේ අපේ team එකේ ඉන්න හරියට අඳුර ගන්න බැරිම කෙනා. අපි කවුරුත් දන්නෑ එයා කොයි වෙලේ, කොයි මොහොතක, කොයි විදිහට වෙනස් වෙයිද කියලා.. විශේෂයෙන්ම එයාට තනිකම කියන දේ අපි අනිත් හැමෝටම වඩා බරපතලව දැනෙනවා. ඒ නිසා එයා අයිතිය වෙනුවෙන් ගොඩක් වෙලාවට රණ්ඩු වෙනවා වැඩියි.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now