" අන්න හරි මෝඩයෝ.. අන්න ඒ බය තියාගන්න.."

" වහප් කට.. Serious කතා කරනවකෝ serious වෙලාවට.."

" මොනා ගැනද serious..?? ඒකෙ තේරුම ගැන ද..?"

" යාආආහ් මෝඩි.."

" හරි හරි.. කෑගහන්න එපා.. කියන්නකො ඉතින්.."

.

.

" ඔයා හිතනවද ඔයාට මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා ..?"

" දන්නෑ කුකී.. ඒ වුනත් ආපහු නම් හැරෙන්නේ නෑ. නෑ නෙවෙයි හැරෙන්න බෑ.."

" ම්ම්.. මට තේරෙනවා.. මොනා උනත් මං wish කරනවා ඔයාට සතුටින් මේ ගමන යන්න පුළුවන් වෙන්න කියලා.."

" කුකී.. මොකද මේ..? අවුලෙන් වගේ .."

" අවුලක් නෙමෙයි.. ඇත්තටම මට සතුටුයි.. ඔයා හොදම යාලුවා වුන ඒකට.."

" කුකී.."

" මේ දවස් දෙක තුනට ඔයා කරපු දේවල් නිසා මන් ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා.. ඇත්තටම ඒව හරි ලස්සන මතක.."

" ඔයා කතා කරන්නේ මං හරියට ඔයාව දාලා යන්න හදනවා වගේනෙ.."

" එහෙම නෙමෙයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි.. මට තියෙන ලොකුම සතුට තමයි හ්‍යුන්ට ඔයා වගේ කෙනෙක් ලැබුණ එක ගැන.. කවමදාවත් එයාට ඒ ගත්ත තීරනේ ගැන දුක් වෙන්න වෙන එකක් නැහැ.."

" ඔයා එහෙම හිතනවද කුකී..?"

" ඔව්.. "

" දෙයක් ඇහුවොත්.."

" අහන්න.."

" ඔයා මට ඒකට උත්තර දෙන්න ඕනෙ මම ඔයාගෙ හොඳම යාලුවා කියලා හිතලා.."

" කොහොමත් එහෙමනෙ. ඒක කවදාවත් වෙනස් වෙන්නෑ.."

" දන්නවා.. ඔයා අනූම තමයි කුකී.."

" හරි හරි අහන්නකො ඉතිං.."

" ඔයා හිතනවද මං මේ මං මේ ගත්ත තීරනේ ගැන මට පසුතැවෙන්න වෙන එකක් නෑ කියලා.."

" ඔයා මාව අසරණ කරනවනෙ.."

" උත්තර දෙන්නකෝ.. පුළුවන් නම් විතරයි.."

" මං දන්නවා. ඔයා කිසිම දේකින් හිත රිද්ද ගන්න කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා මන් කෙලින්ම උත්තරයක් දෙන්නම්.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now