ජිමින් එහෙම කිව්වෙ ගොඩක් හෙමින් වුනත් හෝබි හ්‍යුනුත් ඒක ඇහිලා ඔලුව වැනුවෙ ඒකට එකග වෙන්න වගේ.

~~~~~~~~~~

" අහි.. නැගිටින්න.. අපි ඇවිත් ඉන්නෙ.."

අහින්සාගෙ අවුල් වෙච්ච කොන්ඩෙ තිබුනෙ ටේගෙ උකුලෙ. ජිමින්ව බදාගෙන කෙල්ල හොදට නිදි. ජිමින්ගෙ ඔලුව හෝබි හ්‍යුන්ගෙ උරහිසේ. හෝබි හ්‍යුන්ගෙ කට හඩින් තමා කට්ටිය ඇහැරුනේ. ජිමින් නම් නැගිටින්න පුදුම හොරයක් තිබුනෙ.

" අනේ හ්‍යුන්.."

ජිමින් කෑ ගහන්නෙ එයා නිදන් ඉන්නෙ කාමරේ වගේ. අනිත් එක අහින්සට නැගිටින්නත් දෙන්නෙ නෑ කොල්ලා.

" ඒයි.. නැගිටින්න ජිමිනා.. ඇතුලට ගිහින් නිදා ගන්න. අනිත් එක ඔයාගෙ අත් දෙක ගන්න මේ කෙල්ලට නැගිටින්න.. නැත්නම් අහි හුස්ම හිරවෙලා මැරෙයි." ඒ පාර නම් කෑ ගැහුවෙ සුගා හ්‍යුන්.

ඒ කෑ ගහපු පාරට නම් ජිමින් උඩ ගිහින් ඇහැරුනා. අහින්සා අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ජිමින්ට රවලා නැගිටලා අවුල් වුන කොන්ඩෙ හදා ගත්තා.

කට්ටියම dorm එක ඇතුලට ගියා. ටේව එක්කන් ගියෙ කුකි. කලින් පන්ඩිතකම් කියෙව්වට ටේට දැන් ටිකක් අමාරුයි. නම්ජුන් හ්‍යුන් කලින් කතා කරපු නිසාම Doctor Hyung Bin ඇවිත් හිටියේ. ටේව ටේගෙ room එකටම එක්කන් ගියාට පස්සෙ තමයි ඒ doctor treatment පටන් ගත්තෙ.

තුවාලෙ clean කරලා මැහුම් දාන්න පටන් ගන්නකොට ටේ වේදනාවට කෑ ගහනවා කෙල්ල කාමරේ ඉදන් අහගෙන. දැන් ඉතින් පරක්කු වැඩියි.

' එක්කොත් ටේට පුලුවන්කම තිබුනා අහින්සා අච්චර කියද්දි කලින් bandage එක දාගෙන perform කරන්න යන්න. ඒ වුනාට ලොකුකම නිසා ඒක පිලි ගත්තෙ නෑ. ඊට පස්සෙත් කොල්ලට තිබුනා තුවාලෙන් ගොඩක් ලේ වහනය වෙන්න කලින් කෙල්ල treatment කරන්න හදනකොට ඒකට ඉඩ දෙන්න. එයා දෙකම කලේ නෑ. ඉතින් දැන් තියන්නෙ විදවන්න තමයි..'

( හිත රිදෙනවා.. 🙂💔 )

~~~~~~~~~~

" ටේ හ්‍යුන්ශී.. ඔයාට සති දෙකක්වත් ඇවිදින්නෙ නැතුව එකතැනකට වෙලා rest කරන්න වෙනවා. එතකොට තව සති එක හමාරකින් විතර අපිට මැහුම් කපන්න පුලුවන්.. තුවාලෙ තියන්නෙ කකුලෙ යටි පතුලෙ නිසා ඔයා ඇවිද්දොත් තුවාලෙ ආපහු පෑරෙන්න තියෙන ඉඩකඩ වැඩියි."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now