ඒත්...  Eunmi.. එයාව දැක්කම මට හැමදේම අමතක වුනා.. මගේ පලවෙනි ආදරේ.. මගේ ජීවිතේටත් වඩා ආදරය කරපු කෙල්ල.. එයි කියලා හැමදාම බලන් හිටපු කෙනා.. එයාව දැක්කම මට හැමදේම අමතක වුනා.. මං වැරදී...
මේ වැරැද්ද හදන්න බැරි වෙයි.. ඒත් මේ වෙලාවේ මං taehee එක්ක ඉන්න ඕනේ.. ඒ එක්කම මං බැලුවේ members ලා දිහා..

" Hyung මං taehee ගේ ගෙදරට යනවා..  ඔයාලත් එනවා නම් එන්න.. "

Coat එක අරන් shoes දාන ගමන් මං කිව්වේ එයාලත් එනවා කියලා මං පස්සෙන් එද්දී.. අපි යද්දී දැක්කේ එලියට වෙලා බලන් ඉන්න Eun mi ව.. මාව දැකලා මං ලගට එයා ආවා..

" Eun mi ,ඔයා දැන් ගෙදර යන්න.. අපි හෙට කතාකරමු "

එයා මොනවත් කියන්නත් කලින් හැමෝම ඇවිත් car එකට නැග්ගා..

ටික වෙලාවකින් apartment එකට ආවේ හිත හයියෙන් ගැහෙද්දී.. ඒත් එක්කම apartment එකේ door එක ඇරලා තියෙනවා දැකලා අපි හත් දෙනාම හෙමින් door එකෙන් ඇතුල් වුනා.. ඒත් එක්කම ගොඩක් සද්දෙන් අඩන කටහඩ ඇහිලා අපි හිටපු තැනම ගල් උනා...

"අනේ pls එයාව ගෙනත් දෙන්න pls.. මට එයාව ඕනේ... "

" ඔයා.. ඔ.. ඔයා මගේ අයිය නේ.. ඔයා කිව්වනේ මට ඕනේ දෙයක් දෙනවා කියලා... එ.. එහෙනම් එයාව ගෙනත් දෙන්න.. ම.. මං දන්නේ නෑ මං කොහොමද එයාට එහෙම කිව්වේ කියලා.. මං ඒ දාලා ආවේ මගේ හැමදේම.. මගේ හැමදේම ඒ... "

" මාව තුරැලට ගන්න අත් වලින් වෙන කෙනෙක්ව ගනිද්දී ,මාව kiss කරන lips වලින් වෙන කෙනෙක්ව kiss කරද්දී ,එයා මාව බදාගනිද්දී වෙන කෙනෙක්ගේ සුවදක් ඒ පපුවෙන් දැනුනේ... ඔ.. ඔයා දන්නවද මට මොනවද දැනුනේ කියලා.. රිදුනා jungmi.. මෙතන ගොඩාක් රිදුනා ... "

" මට කියපු හැමදෙයක්ම , කරපු හැම දෙයක්ම බොරැ oppa , ඒවා බොරැ.. එ.. එයා මට ආදරේ නෑ.. ම.. මගෙන් අර girl ව එයා හොයන්න ඇති.. එ.. එයා නැති අඩුව මගෙන් මකා ගන්න ඇති.. නැත්නම් අද මේ වගේ දෙයක් එයා කරන්නේ නෑ... කාටත් එහෙම කරන්න බෑ අයියේ.. එයා මට ආදරේ කලා නම් මෙහෙම කරන්න බෑ.... "

" හැමදේම ඉවරයි.. හරි ලස්සනට මගේ ලගට ඇවිත් බොරැ හීන ලෝකයක් පෙන්වලා එයා ගියා අයියේ... ආයේ එන්නේ නැතිවෙන්න... ම.. මං එයාට අද කිව්වා මං හීනෙන් දැක්කා එයා මාව දාලා යනවා.. ඒත් හිතුවේ නෑ ඒක ඇත්ත වෙයි කියලා.. "

" මට tae ව ඕනේ jung miya.. please මට එයාව ගෙනත් දෙන්න.. මගේ පරණ tae ව ගෙනත් දෙන්න.. මට එයා ආදරේ කලා නේද.. ආහ්.. කියන්නකෝ..... ම..මං එයාගේ angel නේද... එයාට එයාගේ angel ව මතක් වෙයිද... "

" එයා ගාවට යන්න ඕනේ.. එයාගේ පපුවේ හැංගෙන්න ඕනේ.. ඒ මූන දිහා බලන් ඉන්න ඕනේ.. එක්කන් යනව නේ මාව... යමු එන්න .. එක්ක යන්න මාව."

" Taehee ඇති.. කොහෙවත් යන්නේ නෑ... එයාව අමතක කරන්න... ආයේ ඒ job එකට යන්නෙත් නෑ.. අපි මෙහෙන් දුරකට යමු... හොදද.. "

" අමතක කරන්න.. එයාව.. එයා මගේ ජීවිතේ අයියේ.. එයා මගේ ලෝකෙ.. මගේ කොටසක් අයියේ ඒ... ඒ කොටස නැතුව ඔයාලාගේ taehee සම්පූර්ණ නෑ.. "

" කොහොම අමතක කරන්නද.. මුලු korea ව පුරාම එයා ඉද්දී.. tv එකේ පාරවල් වල... හැමතැනම එයා.. ඒකයි මං අකමැති එයා idol කෙනෙක් වුන එකට.. මට ඕනේ bts v නෙමෙයි.. මට ඕනේ taehyung.. මගේ tae.. "

" ඒත් මට සතුටුයි ... එයා මගේ හැමදේම.. එයාගේ සතුට තමා හැමදේම.. එයාගේ සතුට වෙනුවෙන් මං එයාව අත ඇරියා.. මං දැක්කා ඒ girl එයා දිහා බලන් හිටපු විදිහ.. ඒ ඇස්වල එයා වෙනුවෙන් ආදරේ තිබ්බා.. එයා මගේ tae ව බලා ගනී.. මගේ tae ව සතුටින් තියයි... මං නැතිවුනත් එයා සතුටෙන් ඉන්න ඕනේ.. මං ආත්මාර්ථකාමී නෑ අයියේ... එයා මාත් එක්ක සතුටෙන් නැත්නම් මං එයාට යන්න දෙනවා.. එයාට සතුට තමා මගෙත් සතුට ... "

" හෙට ඉදන් වෙනම ජීවිතයක්... මං ජීවත් වෙනවා ඒත් ඇතුලෙන් මං මැරෙයි.. ඒත් මං ජීවිතේ අත්අරින්නේ නෑ.. මං මෙතනට ආවේ ගොඩක් දුක් විදලා.. මං තව ඉස්සරහට යනවා.. එයා ඉදී හැමදාම මගේ හිතේ.. එයාගේ මතක එක්ක මං ජීවත් වෙයි.. ඒත් ආයේ කවදාවත් එයාව හම්බවෙන්න එපා මට... මට ඒ මූන බලන්න බෑ... මොකද මං දන්නවා එයා තවදුරටත් මගේ නෙමෙයි කියලා.. "

" එයා මට කිව්වා එයාව දාලා යන්න එපා කියලා.. ඒත් මං කොහොමද ඉන්නේ.. එලියේ තව කෙනෙක් හිටියා එයා වෙනුවෙන්.. ඒත් ගෑනු ලමෙක් නේ.. මං කොහොමද එහෙම කරන්නේ.. "

ඇස් වලින් කදුලු ගලන් යද්දී මං ඒ වචන අහන් හිටියේ හීනෙන් වගේ... ඒත් එක්කම හැරිලා එලියට ගියේ hyung ලත් මගේ පස්සෙන් එද්දී... මං එහෙන් ආවේ එක දෙයක් දැනගෙන... මගේ ජීවිතේ මටත් වඩා මට ආදරේ කරන කෙනාව මං නැති කරගත්තා..

සදහටම......


To be continued.....

Dreams Came True ❤Where stories live. Discover now