අහින්සා හිටියෙ බිම බලාගෙනමයි.

" තමුන් ඇයි කතා කරන්නෙ නැත්තෙ..?? මගේ මොකක්ද තියෙන අඩුව..?? තමුන් මාව ප්‍රතික්ෂේප කරන්න තරම් මගේ මොකක්ද අඩුව..??"

" හම්බ කරන එකද..?? ප්‍රසිද්දිය ද මගෙ වැරැද්ද ..??"

" නැත්නම් මන් වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ.. එහෙමද..??

ටේ පිස්සෙක් වගේ කියවනවා..

" කතා කරනවා.. ඔව්.. ඔයා හරි.. කිසිම කෙනෙකුට මාව වටින්නෙ නෑ.. "

එහෙම කියපු ටේ හ්‍යුන් අහින්සව අතැරලා බිම වාඩි වෙලා ඉකි ගගහ අඩන්න ගත්තෙ හරියටම ඊයෙ රෑ වගේ. එයා ආපහු පිස්සෙක් වගේ අඩන්න ගත්තා.

කදුල..

ඒක ගොඩක් වේදනාවක්..

අහින්සට දැනුනෙ ලොකු අසරනකමක්. ආපහු හැරුනොත් මේ හැමදේටම මුහුන දෙන්න වෙනවා කියලා කෙල්ල දැනගෙන හිටියත් ඒවට මුහුන දෙනකොට ඒක ගොඩක් වේදනාවක්, අපහසුවක් වුනා. අහින්සා හෙමින් ඇවිත් ටේ හ්‍යුන්ට එහා පැත්තෙන් බිම වාඩිවුනා. ටික වෙලාවක් එහෙමම හිටියා.

" අඩන්නෙපා ටේ ඔප්පා.."

අහින්සා එහෙම කිව්වෙ වෙවුලන කට හඩින්. ඒ වුනත් ටේ කලේ අඩන එක නවත්තනවා වෙනුවට තවත් හයියෙන් ඉකි ගහපු එක.

" අනේ ඔප්පා.. මට සමාවෙන්න.." 

අහින්සා කිව්වෙ හෙමීට ටේගෙ අතකින් අල්ලන ගමන්. ඒ පාර නම් ටේ හ්‍යුන් ඇස් උස්සලා බැලුවා. එතකොට තමා ටේ දැක්කෙ අහින්සත් අඩනවා කියලා. අහින්සගෙ කදුලු වලට නම් ටේ හ්‍යුන්ට සේරම අමතක වුනා.

" ඇයි ඔයා අඩන්නෙ අහින්සා..??"

ටේ හ්‍යුන් ඇහුවෙ ඒ ඇස් දිහාම බලාගෙන. ඒත් අහින්සා ඒකට උත්තර දෙන්නෙ නැතුව ඉක්මනින් කදුලු පිහ දා ගත්තා.

" කියන්න ඔයා අඩන්නෙ ඇයි..?" ටේ හ්‍යුන් ආපහු ඇහුවා.

" නැහැ.. මොකුත් නෑ ඔප්පා.. මට සමාවෙන්න.."

එහෙම කියපු කෙල්ල එතනින් ඉක්මනට නැගිටලා යන්න ගියත් ටේ හ්‍යුන් කෙල්ලගෙ අතින් ඇදපු පාරට කෙල්ල නැවතුනේ ටේගෙ උකුලෙ,.. ටේගෙ මූනට අගල් ගානක් ඈතට වෙන්න.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now