_27th Winter_

Mulai dari awal
                                    

" So.. මොකද ඒකෙ කරන්නෙ..??"

" නඩුව දාපු අය මෙතනට එනවා. මෙතනදි නඩුව ඇපිල් කරනවා වගෙ lawyers ලා දෙන්නෙක් විතර තව එනවා. අපි එයාලට ඔප්පු කරන්න ඕනි අපේ medical team එක සම්පූර්ණ වගකීම් සහගත වෛද්‍ය සේවාවක් යටතේ ඉන්නෙ කියලා.."

" නැත්නම්ම්.."

" නැත්නම් අක්කි.. මුලු ආයතන ලාබයෙන් 3.7% ක වන්දියක් රජයට ගෙවන්න වෙනවා.."

" හත්.. දෙවියනේ !! .. මොකක් කිව්වා.. කීයක්..??"

" ඒක තමයි අක්කි.. ඔයා දන්නවනේ ඒක කොච්චර ලොකු පාඩුවක්ද කියලා..?? අපිට කරන්න කිසිම දෙයක් නෑ ඔයාගෙ උදවුව ඇරෙන්න.."

" මගේ..?? මන් මොකක් කරන්න ද..??"

" අක්කි.. අක්කිගෙ Post ID එක විතරයි ඕනි.. අපි හැමෝම ගොඩ.."

.

.

.

.

" ඇයි එයාලා අපිට විරුද්ධ වෙලා නඩු දාලා තියන්නෙ සර්..??"

" එයාලා මුල ඉදන්ම අපිත් එක්ක තරහයි.. අනිත් එක මට මේ වන්දිය ගෙවන්න වුනත් අවුලක් නෑ. ලොකුම ප්‍රශ්නෙ තමා මේක මොනා හරි වුනොත් ඒක idols ලගේ image එකට කෙලින්ම බලපානවා.."

" හ්ම්.."

" දුවට පුලුවන් ද අපිට උදවු කරන්න..??"

" සර් මොන දේ වුනත් මන් සර්ට මෙතනට එනකොට කියලා ආපු එක condition එකයි තිබ්බෙ.. දැන් ඔයා මට කියන්නෙ ඒකත් කඩන්න කියලා. "

" මට වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ පාඩුව වචන වලින් කියන්න අමාරුයි.."

" සර් ඔයා කියන්නෙ මේ ආයතනයේ ප්‍රශ්න විසදන්න මගේ පවුද්ගලිකත්වය කැප කරලා මට තියෙන ප්‍රශ්න තවත් වැඩි කරගෙන ඔයාට උදවු කරන්න කියන එක නේ..?"

" දුව..!"

" සර්.. පොඩ්ඩක් මානුශිකව හිතන්න.. හැම මිනිහෙක්ම දෙයක් හන්ගන්න කියන්නෙ ලොකු හේතුවක් හිතේ තියාගෙන.."

" අක්කි ඒ වුනත් මේක විසදන්න පුලුවන් ඔයාට විතරයි.."

" ඔයාල කියන්නෙ මන් මැරුනත් කමක් නෑ ඔයාල බේරිලා කියලා.. එහෙම ද..??"

" දූ.. ඔයා පොඩ්ඩක් හිතන්න.. අපිට ඉන්නෙ මුලු ලෝකයක් වටින idols ලා.. ඒක නිසා.."

WINTER BEAR | KTH FF | ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang