" Excuse me.."

" Yeah.. come in.."

කෙල්ල ඇතුලෙ ඉන්න ජිමින්ව දැක්කෙ ඇතුලට ගියාට පස්සෙ. කෙල්ලට හිතුනෙ පැනපු ගමන් ජිමින්ගෙ ඔලුව ගලවන්න.. ඒ වුනත් කෙල්ල ඉවසගෙන හිටියා.

" ආ.. මන් පස්සෙ එන්නද සර්..??"

" නෑ නෑ. එන්න.. ඔයා ආවෙ පෝස්ට් එක ගැන කතා කරන්න නේ..?? ඇවිත් වාඩි වෙන්න.."

" ඕකේ.."

" ඔයා කැමති ද..?? පෝස්ට් එක භාර ගන්න දුව..??"

" Sir.. ඇත්තටම ඔයාට මතකයිනේ මන් මුලින්ම මෙතනට ආපු දවසෙ කියපු දේවල්. මට කිසිම ඕනිකමක් නෑ මේ තියන වැඩ වලට වඩා උපරිමයට යන්න.. ඇරත් මන් කිව්වා ඔයාට මගේ ඇත්ත ගැන කවුරුත්ම දැන ගන්න බෑ කියලා"

" ඔයා කියන දේවල් සේරම මන් දන්නවා. ඒ වුනත් මන් කියන දේ අහන්න.. BTS group එක දැන් මුලු ලෝකෙම වගේ හොල්ලලා තියන්නේ.. එයාලගෙ වටිනාකම ගැන ඔයා දන්නවානේ.. එතකොට එයාලට මොනාහරි වුනොත් කිසිම දෙයක් කරන්න බෑ. මොකද එයාලට replacement නැති නිසා. මන් මේ තීරනේ ගන්න ගොඩක් පරක්කු වුනා. මන් ඒ ගැන පසුතැවෙනවා. ඒ නිසා දැන් හරි මගෙන් වුන වැරැද්ද මට හරි ගස්ස ගන්න ඕනි. යුන්ශික් medical team එකේ leader වුනාට එයාව මෙතනට ගැලපෙන්නෙ නෑ. මන් ඔයාව යවන්නෙ ඔයා ගැන විශ්වාස කරලා. මට උදවු කරන්න දුව.. චේබල්.."

අනක් දෙනවට වඩා director කලේ කෙල්ලගෙන් ආයාචනා කරපු දේ. ඇත්තටම කෙල්ලට ඒ ඉල්ලීමට පිටුපාන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

" කවුද මාව මෙතනට suggest කලේ..??"

" Jimin තමයි ඔයා එයාට ඊයෙ හොදට treatment කලා කීවෙ. කොහොමත් මන් ඔයාව තමයි මේකට දාන්න හිටියේ.. එයා එහෙම කිව්වට පස්සෙ මන් ඒක තහවුරු කර ගත්තා."

" ඔයා දන්නවා නේද මන් girl කෙනෙක් කියලා. ඉතින් එහෙම තියාගෙන මන් කොහොමද පිරිමි අයත් එක්ක ජීවත් වෙන්නෙ.. අනිත් එක පොඩ්ඩක් හිතන්න.. අනිත් හැම personal makeup artists ලයි, costume designers ලයි උදේට dorm එකට ඇවිත් හවසට යනවා. මන් විතරක් මුලු රෑම එහෙ ඉන්න ඕනි දිගටම.. අනිත් එක මේක මට කෙසේ වෙතත් media වලින් දැන ගත්තොත් මෙයාලව ඉවර කරලා දායි gossip වලින්."

කෙල්ල දිගටම තර්ක කරන්නෙ මේකෙන් ගැලවෙන්න.. අනිත් දේවල් නෙවෙයි. කෙල්ලට ඕනි වුනේ නෑ ටේ හ්‍යුන් එක්ක එක තැනක ජීවත් වෙලා තව තවත් එක දිගට හිත රිද්ද ගන්න..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now