ඒ කොහොම වුනත්, කැමරාවෙන් වුනත් මන් ඔයාගෙන් දැක්ක ඒ ප්‍රතිරූපෙට ආදරෙයි. ඔයා දන්නෙවත් නෑ ඒ ආදරේ කොච්චර ද කියලා. ඔව්.. ඒක වචනෙන් කියන්න බෑ.

ඔයාගෙ ඇස් දැක්කම මට කියන්න පුලුවන් ඔයා මට ආදරේ කරන්නෙ ඇත්තටම කියලා. හැමදාටම ඔයා ලගින් තියා ගන්න කියලා. මාව ඔයාගෙම ජීවිතේ කර ගන්න කියලා.. ඒ කොහොම වුනත් මට බෑ ඔයාගෙම වෙන්න.. මට බෑ ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න.. ඇයි දන්නවද..?? මන් ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ කරපු නිසා.. දැනටත් කරන නිසා.. ඉස්සරහටත් කරන නිසා.

ඔයත් එක්ක අත ගන්න ඕනි හැමදේම අත් ඇරලා ඔයාම වෙනුවෙන් කැප වෙන්න ඕනි කෙනෙක්. අවුරුදු ගානක් තිස්සෙ තනියෙන් ඉදලා ඔයාගෙ හිරවෙලා තියෙන හැගීම් වලට දැන් ගොඩක් අමාරුයි. පවුලෙ අයගෙන් දුරස් වෙලා තමන්ගෙ සතුටෙන් ඈත් වෙලා මුලු ලෝකෙම ඉන්න දස දහස් ගානක් මිනිස්සුන්ට හිනාව දෙන්නෙ ඔයාලා. ඒක හැමෝටම කරන බැරි දෙයක්. සමහරවිට ඔයා ඒ සතුට බෙදන එක මගින් නවත්තන එකක් නැහැ. මුලු ජීවිත කාලෙම ඔයා හැමෝටම සතුට බෙදයි..

ඒ නිසා ඒකට හවුල් වෙන්න පුලුවන් කෙනෙක් විතරයි ඔයාගෙ අත ගන්න ඕනි.

ස්ට්‍රේජ් එක උඩ නටලා මහන්සි වෙනකොට ඔයාට වතුර එක දෙන්න..

වැඩ ඉවර වෙලා එනකොට ලගින්ම ඉන්න..

හැමවෙලේම ඔයාගෙ ලොකුම ලොකු ගෙදර වගකීම් දරන්න..

ඔයාගෙ පවුලෙම සතුට වෙන්න..

කොටින්ම කිව්වොත් ඔයාගේ ජීවිතේට හයියක් වෙන්න..

ඔයා හැමෝටම බෙදන ආදරේ නිසා අඩුවෙන ඔයාගෙ ආදරේ පුරවන්න..

කොහොම වුනත්..

ඔයා වෙනුවෙන් හැමදේම දාලා මට එන්න පුලුවන්..

ඒ වුනාට දන්නවද..??

ඔයාට වඩා මාව මේ ලෝකෙට ඕනි වෙන වෙලාවල් තියනවා ටේ හ්‍යුන්.

මිනිස්සු ඔයාගෙන් ඉල්ලන්නෙ සතුට..

ඒ වුනත්..

මිනිස්සු මගෙන් ඉල්ලන්නෙ හුස්ම..

අපි දෙන්නගේ වෙනස ඒක.. ඒක නොගැලපීමක් නෙවෙයි..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now