_17th Winter_

Começar do início
                                    

අවුරුදු ගානක් තිස්සේ නැතිවෙලා තිබ්බ හොදම යාලුවෙකුගෙ ආදරේ ආපහු එයාම ලගට ඇවිත් ඉල්ලුවාම අහින්සා කරන්න දෙයක් නැතුව හිතෙන් ගොඩක් විදෙව්වා.. ඒ දුක කෙල්ලෙක් විදිහට හිතේ තද කරන් හිටියත් දරා ගන්න අමාරුම තැන් වලදි කදුලු වෙලා වැටෙන්න වෙර දරපු අවස්තා නැතුවම නෙවෙයි.

තමන්ගෙ කියලා කාත් කවුරුත්ම නැති ඈත රටක මොන කතාව කිව්වත් කෙල්ලෙකුට තනි වෙලා ඉන්න ගොඩාක් අමාරුයි.. හිත කොච්චර හයිය වුනත් කඩා වැටෙන වෙලාවල් ගොඩක් තියනවා.. අම්මගේ අප්පච්චිගේ ආදරේ මතක් වෙනකොට, ඒ ඇස් මතක් වෙනකොට, ඒ ආදරේ විදින්න ඕනි කියලා හිතෙන කොට ලබා ගන්න බැරි නිසාම හිත රිදෙනවා ගොඩක් වැඩියි..

විශේශ්‍ය වෛද්‍යවරියකගෙ සීමාවක් නොවුනු දැනුම, අත්දැකීම් ගලාගෙන යන්න ක්‍රමයක් නැතුව.. එක තැනකටම හිර වෙලා ඉද්දි හිතට දැනුන කාන්සිය වැඩියි.. මොකද.. හොස්පිටල් එකේදි වැඩත් එක්ක කලබල නිසා පාලුව කියන දේ අහලකින්වත් යන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒ වුනත් කෙල්ල දැන් ඉන්න රැකියාවත් එක්ක හැමදෙයක්ම වෙනස් වුනා..

අනිත් එක තමයි මේ හැම දේකටම ලොකුම හේතුව.. කෙල්ල හිටියෙ අසනීපෙන්.. දවස් විසි අටකට පස්සෙ සාමන්‍යයෙන් කෙල්ලෙක් ව්‍යවාහාර කරන කරුම ලෙඩේ.. අහින්සා ඒ වේදනාව නිසා අනිත් ගොඩක් ගෑනු ලම‍යින්ට වඩා දුකක් වින්ද කෙනෙක්..

ඒ තත්ත්වය හැම ගෑනු ලමයෙකුටම පොදු වෙන්නෙ නෑ. කලාතුරකින් එක් කෙනෙකුට තමයි එහෙම වෙන්නෙ. ඒ කාලෙට ඒ දැනෙන වේදනාව දරා ගන්න එයාලට ගොඩක් අමාරුයි.. එක විනාඩියක්වත් එක විදිහකට ඉන්න එයාලට බෑ.. එක්කො හැම වෙලේම washroom එකේ.. එහෙම නැත්නම් ඇදේ.. මන් දන්න විදිහට නම් එයාලා පැයකට විතර වතාවක් වත් අඩුම තරමේ ආපහු ආපහු ලෑස්ති වෙන්න ඕනි.. නැත්නම් ඉතින් ඉවරම තමයි.. අනිත් දේ තමයි.. එයාලට හොද ඉවසීමක් තියනවා හැමවෙලේම ඒ වේදනාව දරා ගන්න තරම්.. ඒ නිසා එයාලා ගොඩක් විශේශයි..

( මන් හරි නේද.. එහෙම අය ඉන්නවා නේ.. මන් ඇත්තටම එහෙම අය දැකලා තියෙන නිසා තමයි මෙහෙම ලිව්වෙ.. කවුරුහරි අපහසුතාවයකට පත් වුනා නම් සමාවෙන්න..🥺)

WINTER BEAR | KTH FF | ✔️Onde histórias criam vida. Descubra agora